අද පැවැත්වීමට නියමිත සජබ ජන රැළියට අධිකරණ නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): අද (30) දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙන සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.

එම නියෝගය නිකුත් කර ඇත්තේ, මාර්ග භාවිතා කරන පුද්ගලයින්ට හා පදිකයින්ට බාධා වන සේ කටයුතු කිරීම හා ප්‍රධාන මාර්ග අවහිර වන සේ ගමනාගමනයට බාධා වන ආකාරයට කටයුතු කිරීම තහනම් කරමිනි.

ඒ අනුව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන්, මැද කොළඹ සංවිධායක අප්සරා අමරසිංහ, සමගි ජන බලවේග ක්‍රියාකාරී සාමාජිකයින් සහ ක්‍රියාකාරී කාන්තා සංවිධාන ඇතුළු රැළියට සහභාගී වන සියලු සාමාජිකයින් වෙත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව ඉහත වගඋත්තරකරුවන්ට හා ඔවුන්ගේ අනුගාමිකයින්ට මාලිගාවත්ත පොලිස් වසමේ මුස්ලිම් කනත්ත අසල සිට ප්‍රදිපා මාවත, ජයන්ත වීරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත හා ජුම්මා හන්දිය හරහා සංඝරාජ වටරවුම ඔස්සේ සංඝරාජ මාවත භාවිත කරන පුද්ගලයින්ට අවහිර වන ලෙස ගමන් කිරීමද තහනම් වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Browns EV – HNB හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී ලීසිං පහසුකම්

සටහන - රුවන් නෙළුගොල්ල Browns EV සමාගම මගින් ආනයනය කරන...

ඇන්ඩෲ කුමරුගේ තරුපටි ගැලවේ; වින්ඩ්සර් නිවසින් පිටව යා යුතු බව බකිංහැම් මාලිගය කියයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇන්ඩෲ කුමරුගේ...

ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...