ලංකා විදුලිබල මණ්ඩලය නව තාක්ෂණයට අනුගත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): ලංකා විදුලිබල මණ්ඩලය විසින්, විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් රැසක් හඳුන්වා දී ඇත.

ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසන්නේ, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිම වෙබ් අඩවිය ඔස්සේ, ඕනෑම ශ්‍රී ලංකා තැපැල් කාර්යාලයක් මඟින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟින්, කාගීල්ස්, කීල්ස් ආදී සුපිරි වෙළෙඳසැල් වලින් මෙන්ම mCash මඟින් ද විදුලි බිලපත් ගෙවීමේ පහසුකම් රැසක් පාරිභෝගියන් වෙත හඳුන්වා දී ඇති බවයි,

එමෙන්ම විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැනනැගෙන ගැටළු පිළිබඳව ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන ලෙස ද දැනුම් දෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉහත ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරමින් ලංවිම විදුලි බිල්පත් නිසි කලට ගෙවමින් අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...