සමරිසි හිමිකම් ගැන පළමු වරට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ට පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණු වැඩමුළු මාලාවක්!

Date:

සංස්කාරක (LGBTIQ)

ජනවාරි 30, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වරට සේවයේ නියුතු පොලිස් නිලධාරීන් හට පුහුණු හා සංවේදීකරණ වැඩමුළු මාලාවක් පැවැත්වීමට ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම වැඩමුළු මාලාව හරහා ලිංගික දිශානතියේ, සමාජභාවී අනන්‍යතාවයේ, සමාජභාවී ප්‍රකාශනයේ, සහ ලිංගික ලක්ෂණවල විවිධත්වයක් පවතින පුද්ගලයන්ට එම විවිධත්වය හමුවේ මුහුණ පෑමට සිදුවන අභියෝග, ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ එම ප්‍රජාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳව සංවේදීකරණය හා පුහුණු කිරීම සිදුවේ.

මෙරට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවන් පුහුණු වැඩමුළු මාලාවක් සිදුකරන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන අතර, මෙහි සමාරම්භක උත්සවය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පතිවරයා නියෝජනය කරමින් පුහුණු හා උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, වැඩබලන නෙදර්ලන්ත තානාපති ඉවාන් රුජන්ස්, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට අදාළ කරුණු සම්බන්ධව විශේෂයෙන් පත් කරන ලද පොලිස් කාන්තා හා ළමා අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එමෙන්ම, මෙම පුහුණු වැඩමුළුව මෙහෙයවීම සඳහා පුහුණුකරුවන් ද සහභාගී වී සිටින අයුරු දක්නට ලැබිණි.

පොලීසියේ මැදිහත් වීම ඇතිව සිදුවන මෙම මුලපිරීම, ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් ව්‍යාපාරය තුළ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, ප්‍රශ්ණාභාවී සහ අලිංගික ආදී පුද්ගලයන් සඳහා වඩාත් ඇතුළත්භාවයෙන් යුතු පරිසරයක් නිර්මාණය කිරීමෙහි ලා දරන කැපවීම පිළිඹිමු කරයි.

පුද්ගලයකුගේ ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය හෝ ප්‍රකාශනය කුමක් වූව ද, ඔවුනට ගෞරවණීය පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වීමටත්, එමඟින් ගෝලීය මානව හිමිකම් මූලධර්මයන්වලට සහ ජගත් මානව හිමිකම් ප්‍රඥප්තීන් කෙරේ ශ්‍රී ලංකාව දරන බැඳීම්වලට අනුකූලව විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් ශ්‍රී ලංකාව තුළ ද සුරක්ෂිත කිරීමටත් මෙම වැඩමුළු ඉවහල්වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...

විශ්මිගෙන් විශ්මිත පිතිහරඹයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: කාන්තා මුල් පෙලේ ක්‍රීඩා සමාජ...

එක්සත් රාජධානියේ පළමු ශාක පදනම් කරගත් බිත්තරය වෙළඳපොළට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනක පර්යේෂණයන්ගෙන්...