සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 30 කොළඹ (LNW): බංගලාදේශයේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ තුන් කොන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සිය පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.ඔවුන් ඉදිරියේ ලකුණු 31 ක පරාජයක් අත් කර ගන්නට පකිස්තාන ක්‍රිඩිකාවන්ට සිදු වුණා.
මේ දක්වා තරගාවලියේ බංගලාදේශය සමඟ පැවති තරග දෙකම අවාසනාවන්ත ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පකිස්තානය සමඟ පැවති පළමු තරගයට ක්‍රීඩා කරන්නට හැකි වුණේ නැහැ.ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතු කරගෙනයි.කණ්ඩායමකට එක් කණ්ඩායමක් සමඟ තරග දෙක බැඟීන් හිමිවන අතර බංගලාදේශය තවමත් අපරාජිතව පකිස්තානයට එරෙහිව පැවති තරගයද ජයගෙන ඉදිරියෙන් සිටිනවා. ඔවුන් හෙට දෙවන වරට පකිස්තානයට එරෙහිව මුහුණ දෙන තරගයද ජය ගතහොත් තරගාවලියේ ඔවුන් මුහුණ දුන් සියලුම තරග ජයගෙන අපරාජිතව රැදී සිටීමේ හැකියාව තව දුරටත් තහවුරු වෙනවා.
ශ්‍රී ලංකාව ජයගත් පකිස්තානයට එරෙහිව පැවති තරගයේදී දෙව්මි විහංගා පෙර තරගවලදී පිත්තෙන් යම් බලාපොරොත්තු සහිත දස්කම් දැක් වුව ද අසාර්ථක වුණා.එහෙත් සෙසු පළපුරුදු ක්‍රීඩිතාවන් ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසෙමින් කණ්ඩායම ඉදිරියට රැඟෙන ගිය අතර එහිදී ශ්‍රී ලංකා ජතෙික කණ්ඩායම නියෝජනය කරන පන්දු 55 දී ලකුණු 71 නොදැවී රැස් කළේ හයේ පහර 11 ක් ද සමඟයි.ඇය නෙත්මි සේනාරත්න (35) සමඟ තෙවන කඩුල්ලට ලකුණු 66 ක සබඳතාවයක් පවත්වන්නට ච සමත් වුණා.එතැන් සිට නායිකා මනුදි නානායක්කාර (17) සමඟ නොබිඳුණු ලකුණු 61 සබඳතාවයක් ද පවත්වනු ලැබුවා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවන විට සිය ලකුණු ප්‍රමාණය කඩුලු 2 ට ලකණු 134 ක් දක්වා ඉහළට ගෙන එන්නට සමත් වී තිබුණා.
පිළිතුර ඉණිමට පිටියට පිවිසි පකිස්තාන ආරම්භක පිතිකාරිණියන් වන එයාමන් ෆැටීමා පන්දු 40 දී ලකුණු 38 ක් ද,සාමියා අෆ්සාර් පන්දු 21 දී ලකුණු 26 ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව හඹා යන්නට උථ්සාහ ගත්තද අද ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරමින් ලකුණු ලබා ගැනීමට වැඩ බැඳපු රශ්මිකා සෙව්වන්දි සිය පන්දු ඕවර් 4 ලකුණු 16 ට කඩුලු 2 ක් ලබා ගනිමින් නිම කළ අතර,මධුශානි හේරත් පන්දු ඕවර් 4 ට ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ලබා ගත්තා.කඩුලු ලබා ගැනීමට නොහැකි වුව ද,ගිම්හානි විජේරතන් ද පකිස්තානු පිතිකාරිණියන් බැඳ තබමින් පන්දු ඕවර් 4 ට ලබා දුන්නෙ ලකුණු 13 ක් පමණයි.එම පන්දු ඕවර් 12 ස දහාම පකිස්තානයට ලැබුණේ ලකුණු 42 ක් වුව ද,පකිස්තානු ක්‍රීඩිකාවන් සෙසු පන්දු ඕවර් 8 න් ලකුණු 61 ක් එකතු කර ගෙන පන්දු ඕවර් 20 නිමාවන විට කඩුලු 4 ට ලකුණු 103 දක්වා සිය ලකුණු පූවරුව ඔසවා තබා ගන්නට සමත් වුණා.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ වීරවරිය බවට පත් වෙමින් ගෞරවයට පාත්‍ර වුණේ විශ්මි ගුණරත්නයි.ඡායාරූපයේ සිටින්නේ විශ්මි ගුණරත්නයි.
