ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට සිට කැනඩාවට හා මෙක්සිකෝවට 25%ක නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි මස 1වන දා සිට කැනඩාවේ හා මෙක්සිකෝවේ සියලුම ආනයනික භාණ්ඩ වලට 25%ක නව බද්දක් පනවා ඇති බව වාර්තා වේ.

ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකශ කර තිබුණේ, අක්‍රමවත් දේශසීමා හරස් කිරීම්, ලේඛනගත නොකළ සංක්‍රමණිකයන්ගේ පැමිණීම ඉහල යාම, සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ සහ කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පනවන බවයි.

කැනඩාවේ හා මෙක්සිකෝවේ විශාලතම වෙළඳපොල ඇමරිකාව වන අතර මේ සම්බන්ධයෙන් කැනඩාව සහ මෙක්සිකෝව සඳහන් කර ඇත්තේ ඔවුන් එක්සත් ජනපද තීරුබදු වලට ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේම පියවරයන් සමඟින් බවත්, ඔවුන්ගේ එක්සත් ජනපද දේශසීමා පිලිබඳ ගැටුම විසඳීමට තමන් පියවර ගන්නා බවට වොෂින්ටනයට සහතික වීමට උත්සාහ කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...