ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට සිට කැනඩාවට හා මෙක්සිකෝවට 25%ක නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි මස 1වන දා සිට කැනඩාවේ හා මෙක්සිකෝවේ සියලුම ආනයනික භාණ්ඩ වලට 25%ක නව බද්දක් පනවා ඇති බව වාර්තා වේ.

ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ප්‍රකශ කර තිබුණේ, අක්‍රමවත් දේශසීමා හරස් කිරීම්, ලේඛනගත නොකළ සංක්‍රමණිකයන්ගේ පැමිණීම ඉහල යාම, සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ සහ කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පනවන බවයි.

කැනඩාවේ හා මෙක්සිකෝවේ විශාලතම වෙළඳපොල ඇමරිකාව වන අතර මේ සම්බන්ධයෙන් කැනඩාව සහ මෙක්සිකෝව සඳහන් කර ඇත්තේ ඔවුන් එක්සත් ජනපද තීරුබදු වලට ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේම පියවරයන් සමඟින් බවත්, ඔවුන්ගේ එක්සත් ජනපද දේශසීමා පිලිබඳ ගැටුම විසඳීමට තමන් පියවර ගන්නා බවට වොෂින්ටනයට සහතික වීමට උත්සාහ කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...