මරණයට පත්වීමේ අවධානම සහිත දරුවන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි සති කිහිපය තුළ මරණයට පත් වීමේ අවධානම හේතුවෙන් ළමුන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාසා තිරයේ ස්වේච්ජා වෙන් සේවය කළ කැලිෆෝනියාවේ කම්පන ශල්‍ය වෛද්‍ය ෆෙරෝස් සිද්වා, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ හදිසි වෛද්‍යවරියක් වන අයේෂා ඛාන්, චිකාගෝ හි හදිසි වෛද්‍යවරයකු වන තායර් අහමඩ් හා ඇතුළු තවත් වෛද්‍යවරයකු සමඟ කරන ලද සාකච්ජා හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙලෙස නිවේදනය කර තිබු අතර මෙහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ, මාර්ගෝපදේශ සහිත වෛද්‍ය ඉවත් කිරීම් සඳහා මධ්‍යගත ක්‍රියාවලියක් සඳහා ඔවුන් පෙනී සිටින බවයි.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් හමාස් සංවිධනය අතර අමාස 15ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මිලියන 2කට අධික ජනතාවකගේ භූමි ප්‍රදේශය සහ එහි සෞඛ්‍ය සේවා පද්ධතිය විනාශ වී ඇති අතර ජනවාරි 19 වන දින සටන් විරාමයක් ආරම්භ වීමට දින කිහිපයකට පෙර, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අතර ළමුන් 2,500 ක් සිටින බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් පහසුකම් සහිත රෝහල් වෙත ගෙන යා යුතු බවත්ය.

කෙසේ නමුත් මේ සඳහා කිසිදු ක්‍රියාවලියක් මෙතෙක් සම්පාදනය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...