මරණයට පත්වීමේ අවධානම සහිත දරුවන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉදිරි සති කිහිපය තුළ මරණයට පත් වීමේ අවධානම හේතුවෙන් ළමුන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාසා තිරයේ ස්වේච්ජා වෙන් සේවය කළ කැලිෆෝනියාවේ කම්පන ශල්‍ය වෛද්‍ය ෆෙරෝස් සිද්වා, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල රෝහලේ හදිසි වෛද්‍යවරියක් වන අයේෂා ඛාන්, චිකාගෝ හි හදිසි වෛද්‍යවරයකු වන තායර් අහමඩ් හා ඇතුළු තවත් වෛද්‍යවරයකු සමඟ කරන ලද සාකච්ජා හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙලෙස නිවේදනය කර තිබු අතර මෙහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ, මාර්ගෝපදේශ සහිත වෛද්‍ය ඉවත් කිරීම් සඳහා මධ්‍යගත ක්‍රියාවලියක් සඳහා ඔවුන් පෙනී සිටින බවයි.

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් හමාස් සංවිධනය අතර අමාස 15ක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මිලියන 2කට අධික ජනතාවකගේ භූමි ප්‍රදේශය සහ එහි සෞඛ්‍ය සේවා පද්ධතිය විනාශ වී ඇති අතර ජනවාරි 19 වන දින සටන් විරාමයක් ආරම්භ වීමට දින කිහිපයකට පෙර, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අතර ළමුන් 2,500 ක් සිටින බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් පහසුකම් සහිත රෝහල් වෙත ගෙන යා යුතු බවත්ය.

කෙසේ නමුත් මේ සඳහා කිසිදු ක්‍රියාවලියක් මෙතෙක් සම්පාදනය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...