නායකත්වය පස්සේ බේරගන්න පුළුවන්. සාකච්ජාවලට අපේ නායකතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබිල තියෙන්නේ – තලතා

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා ආරම්භ කර තිබෙන සාකච්ජා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බව එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (30) සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නව නායකත්වයක් ගැන තවමත් තීරණයක් ගෙන නොමැති අතර එය පසුවට බේරාගත හැකි බවයි ඇය එහිදී කියාසිටියේ.

”නයකත්වය පස්සේ බේරගන්න පුළුවන්. අපි දැන් කතාකරන්නේ එක්සත් ජාතික පක්ෂයේම තව කොටසක් එක්ක. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිය,එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්න පක්ෂයක් තමයි සමඟි ජන බලවේගය. මේ පක්ෂ දෙකෙන්ම අද නායකයෝ දෙන්නෙක් ඉන්නවා. ඉදිරියට ඒ සම්බන්ධයෙන් තව කල්තියෙනවා. එකපාරටම හැම ප්‍රශ්නයක්ම අපිට විසඳන්න බැහැ.අපි උපරිමයෙන් උත්සහ කරන්නේ මේක ආරම්භයක් පමණයි. ඉදිරියේදී ගැටළු මතුවෙනකොට ඒ සඳහා අවශ්‍ය කතාබහවල් අපි කරනවා. රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයේ නායකතුමා ඉතාම සුභවාදිව කල්පනාකරලා තියෙනවා. මේ කටයුත්තේදී එතුමා අපිට අවශ්‍ය පූර්ණ ආශිර්වාදය ලබාදීලා තියෙනවා.” යනුවෙන් මහලේකම්වරිය තවදුරටත් පැවසුවාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...

පින්නවල අලි අනාථාගාරයේදී ජාත්‍යන්තර අලි දිනය සැමරේ

සටහන - රුවන් නෙළුගොල්ල අගෝස්තු 12 වන දිනට යෙදී ඇති...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...