ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් රු. මි. 182,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

පසුගිය ජනවාරි 29 දා, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රු. මිලියන 182,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි.

ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය 8% මට්ටමෙන් පහළට පැමිණ තිබීම විශේෂත්වයකි. 2021 දෙසැම්බර් 24 දින පැවති භාණ්ඪාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය 8% මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

සමස්ත නිකුතුව වෙනුවෙන් රුපියල් මිලියන 478,693 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 182,500 ක ලංසු භාර ගැනීමට එහිදී කටයුතු කර තිබුණි.රජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දෙවන අදියර යටතේ තවත් රු. මිලියන 18,250 ක බිල්පත් ප්‍රමාණයකට අදාළව ලංසු පිළිගැනීමට කටයුතු කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) දිනයේ දී රු. මිලියන 40,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ද පවත්වන ලදී. 2029 දෙසැම්බර් 15 වැනි දින හා 2033 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ දෙකක් යටතේ බැඳුම්කර නිකුත් කිරීමට එහිදී පියවර ගෙන තිබුණි. භාණ්ඩාගාර බිල්පතක් යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ (සංශෝධිත පරිදි) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද කෙටි කාලීන ණය උපකරණයක් වන අතර එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගැනේ. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් යනු 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද මධ්‍යකාලීන හා දිගුකාලීන ණය මෙවලමකි (සංශෝධිත). එය රජයේ අයවැය අවශ්‍යතා සඳහා යොදා ගනු ලබන්නකි.

ඒ පිළිබඳ සටහන් දෙකක් පහත දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...