යල් පැන ගිය දූෂිත දේශපාලන සංස්කෘතිය රැගෙන අපි පාසල්වලට යන්නෙ නෑ – එරංග ගුණසේකර

Date:

කොළඹ LNW:යල් පැන ගිය දූෂිත දේශපාලන සංස්කෘතිය රැගෙන පාසල්වලට නොයන බවත්, පාසල්වල ඇති ගැටලු විසඳීම වෙනුවෙන් අවශ්‍ය සාධනීය මැදිහත් වීම සිදු කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

මහජන නියෝජිතයෙක් ලෙස පැවරී ඇති පුරවැසි වගකීම අත්හල නොහැකි හෙයින් එය ඉටු කිරීම වෙනුවෙන් පාසල්වලට යන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මින් පෙර දේශපාලකයින් පාසල් තුළට ගියේ උත්සවවලට පමණක් වන අතර එම උත්සවවලට විශාල වියදමක් ද දැරූ බවට උදාහරණ ඇති බවත් නියෝජ්‍ය අමත්‍යවරයා කීවේය. ජාතික ජනබලවේගයේ දේශපාලකයින් පාසල්වලට යන්නේ පාසල් දරුවන්ට සහ පාසල්වල ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් මැදිහත් වීමට යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30දා) කැළණිමුල්ල නයගරා හෝටලයේ පැවති අදිටන – විශ්‍රාමික හමුදා සාමූහිකයේ හමුව අමතමිනි.

කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 18ක් පවතින බවත්, එම පාසල්වල පවතින අර්බුද විසඳීම වෙනුවෙන් එම පාසල් සමඟ නිරන්තර සම්බන්ධතාවය පවත්වාගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!