හතර වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි !

Date:

ජාතික ජන බලවේගයේ රජය යටතේ පත් කෙරුණු තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයකු ඉල්ලා අස්වී තිබේ.

ඒ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා ය.

පෞද්ගලික හේතුවක් මත තමන් ඉල්ලා අස්වුණු බව මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කර ඇත.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට එක්වීමට පෙර කොළඹ මහා නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වශයෙන් සේවය කළ ඒ මහතා කොවිඩ් වසංගත සමයේදීත් කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදීත් එමෙන්ම ඩෙංගු මර්දන වැඩසටහන්වලදීත් කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් අයෙකි.

මීට පෙර දෙසැම්බර් මාසයේදී ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර ඉල්ලා අස්වූ අතර මේ සතිය තුළ ලංගම සභාපති රමාල් සිරිවර්ධන සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...