*
Saturday, March 1, 2025
spot_img

Latest Posts

ලංකාවේ රගර් වැඩිපුරම උසාවිවල

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 31,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය සහා පවතින ව්‍යවස්ථාවට අනුව නිල මඬුල්ලක් පත්වීම වැළක්වීමට දේශපාලන අධිකාරිය,රජයේ නිලධාරීන් මෙන්ම එම ව්‍යවස්ථාවෙන් බලයට ඒමට අවශ්‍යය කැමත්ත දිනා ගත නොහැකි පිරිස් එක පොකුරකට ගොනු වී වැඩ කරමින් සිටිනු දකින්නට ලැබේ.මේ සිඳුවීම ගලා ගෙන එන්නේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන සමයේ සිටය.එතැන් සිට මේ මොහොත දක්වාම ලංකාවේ පවතින රගර් ව්‍යවස්ථාවට අනුකූලව පාලනයක් වූවානම් ඒ රටේ නීතිය මඟින් සකස් කර දෙන වාතාවරණය මතය.ඒ දක්වා ආසියාවට හේත්තු වී සිටින චරිතත්,එතැන් සිට මේ දක්වා සිටි අමාත්‍යවරුන් සහ රජයේ නිලධාරි පිරිසත් ලංකාවේ රගර් ව්‍යවස්ථාව අනුව පත්වෙන සංගමයකට වැඩ කරන්න දුන්නෙත් නැත.දැන් පත්වෙන්න දෙන්නෙත් නැත.


විනිසුරුවන් දෙදෙනෙක් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේත් මුල් පුටුව දැරූ පරිණත රාජ්‍ය සේවකයෙක් ඇතුළු කණ්ඩායමක් නිලවරණ කමිටුවක් ලෙස පත් කර අධිකරණයේද එකගතාවය ඇතුව රගර් නිලවරණයේ වැඩ කටයුතු කරගෙන ගියත් එය පෙනී පෙනී අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ රොක් වී අමාත්‍යවරයා ද සම්බන්ධ වි එම නිලවරණය නවතා දැමූවේ යළිත් එම කාරණය අධිකරණය වෙතම තල්ලු කරමින්ය.පෙබරවාරි 3 දා තමන්ගේ නියෝගයට අනුව ඇති වූ එකඟතාව මත පත් කළ නිලවරණ කමිටුව නිලවරණය පවත්වන මොහොත දක්වා රැඟෙන ගිය කටයුතු නැවත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වීම ගැන,අභියාචනා අධිකරණය සිය සැළකිල්ල යොමු කරනු ඇත.


අධිකරණය පවසන්නේ නිලවරණය පවත්වා එම බලයට පත්වන අයට ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන ජාත්‍යන්තර සම්මේලනය සමඟ කටයුතු කරන්නට ඉඩ දෙන ලෙසය.එහෙත් විශේෂයෙන් මේ වෙනුවෙන් අධිකරණය දුන් තීරණය වැරදියට තේරුම් ගත් බව පෙන්වමින් එම නිලවරණ කටයුතු පමා කළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ ඇමතිවරයා ද ආසියානු භූතයෙක් මවමින් බය කර ඇත.අප විශ්වාස කරන්නේ තවමත් එම භූතයා සිතූ සම්පත් පහළ කරන්නෙක් නොව ඇමතිවරයා බිය ගන්වන්න යෙදූ එකෙකු ලෙසය.
ආසියානු සභාපති දඩ බිඩියේ ලිපියක් ලියමින් පත්වන රගර් පරිපාලනයට ව්‍යවස්ථාව වෙනස් කරන්න නොදී,ක්‍රීඩා අමාත්‍යංශය හරහාම එය වෙනස් කරන්නට උත්සාහ දැරීම වංචනික මැදිහත්වීමකි.ලෝක සම්මේලනයට හෝ ආසියානු සම්මේලනයට ලෝකයේ පිළිගත් සාරධර්ම සහ නෛතික කාරණා නොසළකා හැර තිබේනම් ඊට මැදිහත් විය හැකිය.එහෙත් මෙහි ඇත්තේ පළාත් සංගම්වලට බලය ලබා දී රටේ ක්‍රීඩාවේ ව්‍යාප්තිය සකසන්නට මඟ පෙන්වන ව්‍යස්ථාවක්ය.එයින් ලෝකය පිළිගන්නා අචාර ධර්ම හෝ සාර ධර්ම හෝ නීතිමය තත්ත්වයන් කිසිවකට අසාධාරණයක් වන්නේ නැත.


එහි මේ රටේ ක්‍රීඩා කරන සෑම සංගමයකටම බලයක් ඇත.ඒ ශ්‍රේණියේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ වෙත අසාධාරණයක් වෙන බව කියනවානම් මෙවර නිලවරණයේ ද,එම ක්‍රීඩා සමාජවලින් නිලවරණයට පැමිණ තිබෙන පිරිස ඇත.ක්‍රීඩා අමාත්‍යවරයාට අඩුම තරමේ මේ බව හෝ දැන ගන්නට ඉඩ දී නොමැති බවක් ඔහුගේ තීරණවලින් හැඟේ.එසේම මේ රටේ ක්‍රීඩාව දඩවලට යටත් කිරීමට දායක වූ සහ රගර් ණය කන්දක ගිල් වූ අය ද මේ පවතින නිලවරණ ක්‍රමය මත ‘ඒ‘ ශ්‍රේණියේ තරග ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලින් පැමිණ ඒ දේවල් කර ඇත.ප්‍රශ්නය ඇත්තේ දැන් ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රෙගුලාසි කඩා දැමුවද ක්‍රීඩා අමාත්‍යංශයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් කිසිඳු ක්‍රියා මාර්ගයක් ඔවුන්ට විරුද්ධව නොගැනීමය.


දැන් එම ‘ඒ‘ ශ්‍රේණියේ ක්‍රීඩා සමාජවල යහපත් ලක්ෂණ පෙන්නුම් කරන පිරිසට නිලවරණවලට පළාත් සංගම් හරහා පිවිසීමට හැකියාව ඇති නමුත්,මේ වන විට විශ්වාසය බිඳ,රට අපකීර්තියට පත් කළ සහ රගර් ණය කළ පිරිසට පළාත් සංගම්වල එකඟතාවය පළ නොවනු ඇත.ඒ පිරිස වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කර දීමට රටේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ ආශිර්වාදය ලබා දීමට අමාත්‍යවරයා හෝ මේ ආණ්ඩුව පිටුපසින් සිටින පිරිස් උත්සාහ ගනිමින් සිටින බව සිතන්නට කරුණු පෙළගැසීම කණගාටුදායකය.


ක්‍රීඩා අමාත්‍යවරයා දින කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම ගැන විවේචනය කර එහිම පුද්ගලයෙකු අතුරු කමිටුවට පත් කරන්නට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ලිපියක් පළ කරන තත්ත්වයට පත්වන්නේ ඒ අනුවය.එම ලිපිය නිකුත් නොකළත්,නිකුත්වීමට පෙරම මාධ්‍යය වෙත හෙළිදරව් විය.ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යතුමා රගර් සංගම් සමඟ පැවති සාකච්ඡාවේදී දෙන ඉඟිය මරුය.එයනම් ඒ අය සමඟ හොර කළ අය තමන් සමඟ සිටියදී හොර නොකරනු ඇති බවය.ඉතිං ඇමතිවරයාට තියෙන්නෙ ඒ විශ්වාසය මත පදනම්ව නාමල් රාජපක්ෂව ද ක්‍රීඩා අමාත්‍යංශයට නම් කර ගැනීමට ක්‍රමයක් හදන්නටය.දැනුත් වෙන්නේ නාමල් කළ කී දේ ම නිසා ඒවා ප්‍රමාදයකින් තොරව කර ගැනීමට හැකි වනු ඇත.


වැදගත්ම කාරණාව මේ ආසියාව සහ ලෝකය ලංකාවේ රගර් මෙසේ තිබිය යුතුය,නැතිනම් දඬුවම් දෙනවාය කියා ඇමතිවරු බය කරන කතාවය.ලෝකයේ කුමන හෝ රටක,ක්‍රීඩා ප්‍රතිපත්තියට පිටින් රගර් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලෝක සම්මේලනය සකස් කළ යුතු ආකාරය ගැන කියා එසේ නොකළානම් තහනම් කර ඇද්ද?රටවල ක්‍රීඩාව සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිවලට අනුව රටක ක්‍රීඩා ව්‍යවස්ථා සකස්වෙන අතර එහිදී පිළිගත් සදාචාර සම්පන්න නොවන සහ ආචාර ධාර්මික කාරණා සම්බන්ධයෙන් වන පොදු එකඟතා හැරෙන්නට ක්‍රීඩාවේ බල ව්‍යහුයට බලපෑම් කරන්නට වෙන රටකට හෝ ජාත්‍යන්තර සම්මේලනවලට නොහැකිය.

අභ්‍යන්තර කාරණාවලට එසේ අත පෙවීමට ඇති නොහැකියාව සහ සදාචාරසම්පන්න නොවන කාරණාවන් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තර සම්මේලනයේ 8.1 වගන්තිය උල්ලංඝණය කිරීම ගැන දඩ ගැසීමෙන් ඔබ්බට නොයන්නේ එබැවින්ය.ඒ වරදට අදාළ පුද්ගලයින් සම්බන්ධ පරීක්ෂණ කිරීම සහ ඔවුන්ව රටේ ක්‍රීඩාවේ තනතුරුවලට ඔබින්නේ ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මෙරට ක්‍රීඩා පරිපාලනයය.ආගමන විගමන පණතට අදාළ කාරණාවලදී, ආගමන විගමන පාළක ද දඟ ගෙට දැක්කන බරපතල වරද, රගර් ක්‍රීඩාවේදී රාජපක්ෂමය ආශිර්වාදය ඇතුව තවමත් අනුග්‍රහ සහ සැළකිළි පිදෙන ලෝකයේ වගකීම් දැරිය හැකි තත්ත්වයකින් පවතින්නේය.


ඒ රටේ රගර් ක්‍රීඩාවේ අවාසනාවය.ඒවා පවසා ලියා දන්වා යැවූ විට ක්‍රීඩා අමාත්‍යවරයා අසන්නේ නිශ්මං රණසිංහ නමින් ලියන්නෙ මමම ද,වෙනත් අයෙකුද යන්නය.මේ සම්බන්ධයෙන් එතුමාව මේ වැරදි පාරේ කැඳවාගෙන යන අයෙකු ලෙස අප දකින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හොඳින්ම දන්නේය.ඔහු තනතුරට එනවිට යහපත් වෙනසක් අපේක්ෂාවෙන් තැබූ සටහන ගැන ඇත්තටම අද වන විට ඉතිරිව ඇත්තේ කණගාටුවක් පමණි.ඒ තරම් නරක විදිහට ඔහු රගර් ක්‍රීඩාව සහ නෙට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් එම ක්‍රීඩාවල ස්වාධීනත්වය බලපෑම් ඇතිවන ආකාරයට තීරණ ගත් බව අපේ නිගමනය වන්නේය.එසේම මේ පිළිබඳව සහ අපෙගේ ලිවීම්වල ස්වභාවය සහ මැදිහත්වීම් ගැන වඩාත් හොඳින් දන්න පුද්ගලයෙකු අමාත්‍යවරයාගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ද සිටින්නේය.ඒ දෙදෙනාටම ක්‍රීඩා අමාත්‍යවරයාට වඩා ක්‍රීඩාව ගැන පෞද්ගලිකව අත්දැකීම් ඇති අය නිසා ලංකාවේ ක්‍රීඩාවේ මගේ මාධ්‍ය මැදිහත්වීම ගැන ද,ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් කරන ලද දායකත්වයන් ගැන ද,ක්‍රීඩා සාහිත්‍යයක් වෙනුවෙන් වසර ගණනක සිට පෙනී සිටිමන් ග්‍රන්ථකරණයේ යෙදීම ගැන ද පවසනු ඇත.ඉන් එක් අවස්ථාවක එම පොත් දොරට වැඩීමේ උත්සවයේ දේශකයෙකු ලෙස දායකත්වය දැක්වූවේද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාය.


මේ සම්බන්ධයෙන් තවත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙමින් ඇත.එහිදී නිලවරණ කමිටුවද අභියෝගයට ලක් කර ඇත.අධිකරණයට කරුණු දක්වා ඇත්තේ ලසිත ගුණරත්නය.හැබැයි ඔහු එම නිලවරණ කමිටුව හරහා මේ නිලවරණයට ඉදිරිපත් වීමට උත්සාහ කළේය.එහිදී බස්නාහිර පළාත් සභාවෙන් නාම යෝජනා ඉල්ලා තරග කළ ද,ඔහුට එම අවස්ථාව අහිමි වූයේ සභාපති තනතුරට නාම යෝජනා ලැබීමට ලැබුණු කැමත්ත මද වීම නිසාය.ඉන් අනතුරුව ඔහුව ඔහු විසින්ම විශාල විවේචනයක් එල්ල කළ සිඳුවීමක ප්‍රතිපලයක් ලැබෙන තත්ත්වයට උපායශීලීව පත් කරන්නට යෙදුණේ දැයි සැක සිතෙනාකාරයේ සිඳුවීමකට ගොඳුරු විය.


පසුගිය කාලයේ සාමාජික මුදල් නොගෙවීම නිසා තමන්ගේ ක්‍රීඩා සමාජයද අයත් වන බස්නාහිර පළාත් සංගමයට සහ ඌව පළාත් සංගම්වලට අභිතව සහ ජයග්‍රාහීව සටන් වැඳුණේ ලසිතය.දැන ඔහුව නාම යෝජනා සඳහා ඉදිරිපත් කළ සංගම් ද ඒ ආකාරයෙන්ම සාමාජික මුදල් නොගෙවීම නිසා ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීම සැළසුම් සහගතව තමන්ම ඉස්මතු කළ වරදකට හසුවීමක්ය.
කෙසේ නමුත් නිලවරණ කමිටුව ගැන සැකයක් හෝ වරදක් ඇත්නම් ලසිත ගුණරත්න ස්ථාන දෙකකින්ම නිලවරණයට පිවිසෙන්නට උත්සාහ කරන්නේ නැති බව අපේ අදහසය.එහෙත් අවාසනාවන්ත ලෙස එම ස්ථාන දෙකෙන්ම ඔහුට ඉදිරිපත්වීමට නොහැකි ආකාරයට බාධා පැමිණීම කණගාටුදායකය.එවැනි තත්ත්වයක මේ වන විට අධිකරණයට ගොස් මාර්තු 25 වැනි දුර දිනයක නැවත ඇසෙන නඩුවක් බවට සිය නඩුව පත් කරගෙන සිටින ලසිතට මෙන්ම ශ්‍රී ලංකා රගර්වලටද එවැනි දුරක් ඉවසන්නට අපහසු බව සහ යම් අයෙක් මේ කාරණා පදනම් කරගෙන පැවත්වෙන තරගාවලියේ නීත්‍යාණුකූල භාවය ද ප්‍රශ්න කළහොත් ක්‍රීඩකයින්ට සහ ඊට සම්බන්ධ අනිත් අයටත් ප්‍රශ්නයක් ඇතිවන බැවින් කවුරුන් හෝ ඊට පෙර ආසන්න දිනයක මේ නඩුව මෝසමක් දමා පෙරට ගන්නේනම් එය රගර්වලට යහපත් වනු ඇත.


කෙසේ වුව රගර්වල අනාගතය මේ වන විට දෙයාකාරයකින් අධිකරණ දෙකක සිර වී ඇත.ගෙවුණු ආසන්න වසර කිහිපයේම රගර්මය පැවත්ම යම් ආකාරයකින් හෝ සපත කරන්නට දායක වූවේ අධිකරණ පද්ධතියම බව නොරහසක්ය.පරිපාලනමය වශයෙන් නිරන්තරයෙන් සිඳු වූවේ ලංකාවේ රගර් ලංකාවේ දේශපාලකයින්,අමාතංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,සහ පටු පුද්ගල උවමනාවන් වෙනුවෙන් රගර් හී වගකීම්වලට ඉව අල්ලන පිරිස සමඟ එක්ව ආසියානු සභාපතිගේ ඔඩොක්කුවේ සිට ලංකාවේ රගර් නලවන්නට බැලීමය.එහි ප්‍රතිපලයක් ලෙස ආසියානු සභාපතිගේ රටේ රගර් වසර සිය ගණනක් පැරණි ශ්‍රී ලංකාවේ රගර්වලට වඩා ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉහළ තැනෙක තිබෙනු අපි දුටුවෙමු.එපමණක් ආසියානු ක්‍රීඩා උළෙලට ආසියානු ඔලිම්පික් ධජය යටතේ ද ශ්‍රී ලංකාවේ රගර් ඇතුළත් කර නොගැනීමට කටයුතු කළ අයුරුද මතකය.පළමුව තරග කාල සටහන් පවා සකස් කළේ ශ්‍රී ලංකාව නැතුවය.ආසියානු පදේට නැටූ සියලු ලාංකේය දේශපාලකයින් සහ නිලධාරීන් ද හිතවතුන් ද පයිසෙකට මායිම් නොකර ශ්‍රී ලංකාව ඉවත් කිරීම වෙනස් කරන්නට සමත් වුණේ ආසියානු ඔලිම්පික් සංගමයය.ඔවුන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් පෙරට පැමිණ තමන් යටතේ ආසියානු තරගාවලිය පැවත්වෙන බවත්,හිතුවක්කාරකම් කරන්නට ආවොත් තරගාවලියෙන් රගර් ක්‍රීඩාවම ඉවත් කළ හැකි බවත් පෙන්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දුන්නේය.


ඒ තත්ත්වයට පත් කරමින් එවකට ඇමති පත් කළ කමිටුව ක්‍රීඩකයින්ට පුහුණු පහසුකම් හෝ සළසා නොදෙමින් ක්‍රියා කළ ආකාරයද තවමත් අමාත්‍යවරයාට එවකටද අධ්‍යක්ෂ ජෙනරාල් වූ ශෙමාල් ප්‍රනාන්දු පවසා නැත්තේ ඇයි ද යන්න අපි නොදන්නෙමු.මෙවැනි සේ ශ්‍රී ලංකාවට සිඳු වෙද්දී ආසියානු සභාපති සමඟ සිය පැවත්ම වෙනුවෙන් මුණිවත රැකි අය, ශ්‍රී ලංකාවේ රගර්වලට කළ වැරදිවලට දඩුවම් නොලද බැවින් ආසියානු වගකීම්වලට පත්ව මහත්තුරු සේ සිටිති.රගර් ක්‍රීඩාව අධිකරණයේ විත්ති සහ පැමිණිලි පාර්ශව විසින් ඒ මේ අතට යොමු කරමින් සිටින අතර ආසියාවේ ශ්‍රී ලංකාව සතුව තිබුණු රගර් හී පිළිගැනීමට බල පෑ දක්ෂතා කෙමෙන් කෙමෙන් පහත වැටෙමින් ඇත.


පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාවේ ප්‍රධාන බලපෑම්කරු සහ පහසුකම් සැපයීම වෙනුවෙන් නම් කර සිටින අනුග්‍රාහකයා සහ අනුශාසකවරයා ලෙස බලය හිමි ජනාධිපතිවරයාටය. යම් ආකාරයකට අධිකරණ තින්දු මත කළ ක්‍රියාත්මක කිරීම් ද අතර මඟ නවතා අනීතික ලෙස ව්‍යවස්ථාව වෙනස් කරන්න දත කන ක්‍රීඩා අමාත්‍යංශය, ආසියානු සභාපතිවරයා සහ ඔහු වටා සිටින ලාංකේය හිතවතුන් වෙනුවෙන් කරන්න හදන සංශෝධන අතරට ජනාධිපතිවරයාගේ ස්ථානයත් වෙනස් කර දැමුවහොත් අප පුදුම විය යුතු නැත.එහෙත් ඒවා අධිකරණය මඟින් රැක දෙමින් සිටීම ඉදිරියටත් සිඳුවනු ඇතැයි යන විශ්වාසය සතුටුදායකය.
මන්ද! නාමල් රාජපක්ෂ ක්‍රීඩා පුටුවට පැමිණි පසු වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාවට අනුව, රගර් ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණේ නිරන්තරයෙන්ම අධිකරණය විසින් ලබා දුන් නීතිමය තීන්දු තීරණ මත වන බැවිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan