Sunday, March 26, 2023
spot_img

Latest Posts

මට මොන වද දුන්නත් ඉදිරි ජනාධිපතිවරණයට මම එනවා – මෛත්‍රී

තමන්ට කුමනාකාරයේ වද හිරිහැර සිදුකළද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඒ. මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

අධිකරණයේ තීන්දුව දීමට සති දෙකතුනකට පෙර තමන්ව මාධ්‍යයට පෙනුනේ සහරාන් මෙන් යැයිද එහෙත් නිවැරදි දේ පළකරන ලෙස තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවද හිටපු ජනාධිපතිවරයා කියාසිටියේය.

”පාස්කු ගැන අධිචෝදනා ගොණුකරන්න කියලා සමගිය ඉල්ලන දේට මමත් 100% එකගයි. මම සහරාන්ලා සියල්ල සමූල ඝාතනය කළා.සමහරු හිතන්නේ මම සහරන් වගේ මිනීමරුවෙක් කියලා.
සමගිය මේක ඉල්ලනකොට එයාලට මතක්වෙන්න ඕන රණසිංහ ප්‍රේමදාස කාලයේ කරුනා අම්මාන් කිව්වා පොලීසි වලට යටත් වෙන්න කියලා. ප්‍රේමදාස කිව්වා ඔවුන්ට යටත් වෙන්න කියලා.700 ආසන්න පිරිසක් මියගියා. සමගිය චෝදනා කරන්නේ මට දඬුවම් කරන්න කියලා.

අනුරාධපුර ගුවන්හමුදා කදවුරට එදා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලකළේ ගුවන් හමුදාව බීමත්ව හිටපු නිසා. අපි අහනවා ඒ ගැන පරීක්ෂණයක් කළා ද කියලා.සියලුම ජනාධිපතිවරුන්ගේ කාලයේ බෝම්බ ප්‍රහාල එල්ලවෙලා තියෙනවා.
ඇමරිකාව සතියකට කලින් දැනගෙන හිටියත් සැප්තැම්බර් 11 ප්‍රහාරය වළක්වාගන්න බැරි වුණා.

නඩු තීන්දුවේ තියෙනවා මම මේක දැනන් හිටියේ නෑ කියලා.හේමසිරි ප්‍රනාන්දු මට කිසිම දැනුම් දීමක් කරලා නෑ.
ආරක්ෂක අමාත්‍යංශයේ හැම අගහරුවාදාම ආරක්ෂක රැස්වීම්ක් තියෙනවා ලේකම්ගේ ප්‍රධානත්වයෙන්. ඒකේ මේක කතාකරලා නෑ. නෙල්සන් බැන්ඩෙලාත් අවුරුදු 27 හිරේ හිටියා මම මේවට සැලෙන්නේ නෑ” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පළකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.