අවදානම ඉහළට – කලකට පසු යළිත් දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1000 ඉක්මවයි !

ඊයේ (30) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1056ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතරින් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණි අය බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙසේ ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේ දිගු කලකට පසුවය.

මේ වසර ආරම්භ වනවිට එය පැවතියේ 500 – 600 අතර මට්ටමක ය.

RN