කාබනික පොහොර වැඩේ වගකීම ආණ්ඩුවේ හැමෝම භාරගන්න ඕනෑ – නාමල් විමල්ලාට කියයි (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා නිදහස් – පොදුජන සන්ධානයේ සෑම පක්ෂයකටම වගකීමක් ඇති අතර ඔවුන්ට එයින් මඟහැරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“සමහර සන්ධාන පාර්ශ්වයන් තනි තනියෙන් රැස්වීම් තියනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ, ඒක ඒ අයගේ වුවමනාව. මොකද ඒ අයත් දේශපාලනය කරන්න ඕනෙ. හැබැයි බොහෝ වෙලාවට ඒ අය උත්සාහ කරනවා මේ ආණ්ඩුව කරන ඒවාට අපි සම්බන්ධ නෑ කියන්න. ආණ්ඩුව කරන ඒවාට ඒ අය සම්බන්ධ නෑ කියන්න. හැබැයි අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැමදේකටම මේ සන්ධානයේ හැමදෙනාම වගකියන්න ඕනෙ. එක පාර්ශ්වයකට බෑ, තමන් මේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියාට තමන් මේකට අදාළ නෑ කියන්න. සාමුහික වගකීමක් තියෙනවා. ඒ හින්දා වෙන වෙනම රැස්වීම් තිබ්බත් අපි මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදන එකේ වගකීම ඒ අයට තියෙනවා, ඒ වගේම පාසල් 1000 ජාතික පාසල් වගකීමත් ඒ අයට තියෙනවා, ඒ වගේම ක්‍රීඩා පිට්ටනි හදන එකේ වගකීමත් ඒ අයට තියෙනවා, කාබනික පොහොර එකේ වගකීමත් ඒ අයට තියෙනවා. ඒ හින්දා ඒ අයට ඒ වගකීම්වලින් පැහැර හරින්න බෑ කියන එකත් මතක් කරන්න ඕනෙ”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ආණ්ඩුවේ කුඩා පක්ෂ නායකයින් වෙනම පක්ෂ නායක රැස්වීම් පවත්වමින්, ආණ්ඩුවේ තීරණ විවේචනය කරමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ වනවිට වෙනමම ඒ ආකාරයෙන් කටයුතු කරමින් සිටී.

සබැඳි පුවත් –

ජනපතිගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්. තවදුරටත් කරගෙන යෑම ලැජ්ජාවට කරුණක් ලු !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...