කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අස්වැන්න සියයට 40 – 50 දක්වා අඩුවෙලා – ජේ. සී.

මේ කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී අස්වැන්න පසුගිය කන්නයට සාපේක්ෂව 40% – 50% මට්ටමකට අඩුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි.

“දැන් මේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවිතැන් කරන ගොවියන්ගේ අස්වැන්න නෙළන කාලේ. අපි රජයට පැහැදිලිවම කිව්වා, කෘෂිකර්ම ඇමතිවරයාට පැහැදිලිවම කිව්වා මේ පොහොර ප්‍රශ්නයත් එක්ක මේ රටේ අස්වැන්න 50% – 60% අඩුවෙනවා කියලා. දැන් බලන්න අද වෙලා තියෙන අවාසනාවන්ත තත්වය. දැන් මෙයාලා ලබාදුන්න පොහොර වර්ග සියල්ලම දාලා – ඒ කියන්නෙ මේ කාබනික පොහොර කියලා ගෙනාපු ජරාව සියල්ලම කුඹුරට දාලාත් අද ලැබිලා තියෙන්නෙ 40% – 50%ක අස්වැන්නක්. එතකොට ගොවියා තමන් මහන්සිවෙලා, විශාල වියදමක් දරලා, අද තමන්ට ඒ ගිය අවුරුද්දෙ අස්වැන්නට වඩා 50%ක් අඩුවෙනකොට අද ගොවියා කොහොමද ජීවත් වෙන්නෙ ?

ඒ නිසා අද වෙලා තියෙන තත්වය බලන්න රටේ … අද හාල් මිල අහස උසට නැගලා. තිබුණු මිලත් එක්ක බලනකොට දෙගුණයකින් තුන් ගුණයකින් හාල් මිල ඉහළට ගිහිල්ලා. එතකොට එක පැත්තකින් පාරිභෝගිකයා අසරණ භාවයට පත්වෙනවා. අනිත් පැත්තෙන් මොකක්ද ගොවියාට වෙලා තියෙන්නෙ ? දැන් මේ ගෙනාපු ඊනියා පොහොර ප්‍රශ්නයෙදි අපි දිගින් දිගටම කිව්වා මේ අපරාධය මේ රටට කරන්න එපා කියලා. අපේ රටේ ප්‍රධාන ආහාරය සහල්. ඒ ප්‍රධාන ආහාරය අද 50%කින් නිෂ්පාදනය අඩුකරලා තියෙනවා.

අපි දන්නවා ඉතිහාසයේ මේ රටේ නිදහස ගන්නකොට මේ රටේ සහල් නිෂ්පාදනය 39% යි. ඒක තමයි ඩී. එස්. සේනානායක අගමැතිතුමාගෙ කාලෙ ඉඳලා හැම ආණ්ඩුවක්ම එකතුවෙලා පහුගිය කාලෙ වෙනකොට මේ රට ස්වයංපෝෂිත වුණේ සහලින්. එහෙම ස්වයංපෝෂිත වෙලා තියෙනකොට ඇමති මහින්දානන්ද කිව්වෙ ඔවුන් සහල් පිටරට යවන්න තමයි ලෑස්ති කියලා. දැන් පිටරටින් හාල් ලංකාවට ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ඩොලර් නැතුව ඉන්න වෙලාවෙ රටේ ප්‍රධාන ආහාරයත් පිටරටින් ගෙන්වන තැනට පත්වෙලා තියෙනවා”

ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...