බුද්ධික දමයන්ත⁣ට සහ පවුලේ සාමාජිකයන්ට මැර ප්‍රහාරයක්

0
1083

රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී බුද්ධික දමයන්තට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගණනාවක⁣ට ජනවාරි 29 වන දා රාත්‍රියේ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.මේ සිදුවීම සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිලි කර ඇතත් තවම කිසිඳු සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නැත.

අසල්වැසි නිවසක පැවති මංගල උත්සවයකට පැමිණි පිරිසක් මේ පහරදීමට සම්බන්ධ වී ඇත.අනාරාධිතව මංගල සාද සඳහා කිසිවෙකුත් නොපැමිණෙන අතර මේ කාලයේ මංගල උත්සව වෙනදටත් වඩා සීමිත සහභාගීත්වයක් සහිතව ක්‍රියාත්මක බැවින් අදාළ මැරයන් පිළිබඳව එම නිවැසියන්ගෙන් ලබා ගැනීමට ද පොලීසියට අවස්ථාව තිබේ.

සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට බුද්ධික ඇමතුමක් දී ඇත්තේ පහරකෑමට ලක්වෙමින් සිටියදීය.එහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයා දැනුවත් කර ක්‍රියාමාර්ගයක් ගන්නා බව කීවද මේ සටහන තැබෙන මොහොත වනවිටත් පොලිස්පතිවරයා තබා ප්‍රදේශය භාර පොලීසිය ද ක්‍රියාත්මකව නැත.
රටේ මෑත ඉතිහාසයේ රාජ්‍ය නාට්‍ය උළෙල ආශ්‍රිතව හොඳම නාට්‍ය නිර්මාණය වෙනුවෙන් වැඩිම වාර ගණනක් සම්මාන ලැබූ බුද්ධික වෙනුවෙන් රජයට සම්බන්ධ වන්දිභට්ට කලාකරුවන්ගේ සංවිධාන ද කිසිඳු මැදිහත්වීමක් කරන බව පෙනෙන්නට නැත.

බුද්ධික ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ලෝකයේ ඉහළම මට්ටමේ විදේශීය නාට්‍යයන්හී පරිවර්තන හඳුන්වා දුන් පුද්ගලයෙකි.එම මුල් නිර්මාණකරුවන්ට අදාළ රාජ්‍යයන් නියෝජනය කරන තානාපති කාර්යාලවල ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක් වූ බුද්ධික මුහුණ දී ඇති තත්ත්වය ඉදිරියේදී කලාකරුවන් පිරිසක් මැදිහත්ව එම තානාපති කාර්යාලවලට දැණුම් දීමට නියමිතය.රජයේ අසාර්ථකභාවය ගැන විවිධ සාකච්ඡා සිඳු වෙන මොහොතක එම තත්ත්වය රජයට අයහපත් තත්ත්වයක්ය.එසේම අසමත්භාවය සහ අසාර්ථක වීමේ වගකීමෙන් ආණ්ඩුව ඉවත් වී එය තීරණාත්මක මොහොතක පොලීසියට පැවරුවහොත් වගකීම පැහැර හැරි පිරිසටද පහසුවෙන් ඒ සියල්ල පොලීසිය මත පැටවීමට හැකිය.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here