AKD ට බිත්තර ගැසීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඇමති ප්‍රසන්න ජනාධිපතිගෙන් ඉල්ලයි!

Date:

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දීමට කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ලිඛිතව අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව මෙවැනි පහත් පෙළේ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන අතර ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් මෙවැන්නක් කර ඇත්දැයි යන සැකය මතුවෙන බවයි රණතුංග මහතා එම ලිපියේ දක්වා ඇත්තේ.

මෙම බිත්තර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට හා ඊට අනුබල දුන් පුද්ගලයන්ට ද ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන ලෙස ද රණතුංග මහතා සිය ලිපි මගින් ඉල්ලා තිබේ.

පොලිස්පතිවරයාගෙන් ද ලිඛිත ඉල්ලීමක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ එම බිත්තර ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වග කිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු අතර ඒ ගැන පොලිස්පතිවරයාගේ කඩිනම් අවධානය යොමුකරන ලෙසයි.

මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සම්බන්ධ බවට සමාජ මාධ්‍ය තුළ පළවන අදහස් තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවද ප්‍රසන්න රණතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...