13 හැවිරිදි දැරියකට අතවර කළ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට !

Date:

13 හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පානදුර දකුණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයා අදාළ දැරියව පොත් රාක්කයක් අසලට යවා අතවර කර ඇති අතර පන්තිය අවසානයේ දැරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පියාට පැවසීමෙන් අනතුරුව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ගුරුවරයාව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකාර ගුරුවරයා මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර හෙට (01) දිනයේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර දකුණ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...