සටනකින් පසු පැරදුණු තරගයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 31 කොළඹ (LNW): විශ්ව ලහිරු,සිනෙත් ජයවර්ධන සහ විහස් තෙව්මික විසින් පන්දු ඕවර් 30 ක් තුළ ලකුණු ලකුණු 109 ට කඩුලු පහක් බිඳගන්නට සමත් වූ අතර දිනුර කළුපහන පන්දු ඕවර් 7.3 ක් යවමින් ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගත්තා.බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙන් ලකුණු 231 රැක ගැනීමට එහෙත් ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ.ඔවුන් ඉහත ක්‍රීඩකයින් විසින් ලබා ගත් කඩුලු 7 හැරෙන්නට සෙසු කිසිඳු ශ්‍රී ලාංකේය පන්දු යවන්නෙකුට කඩුලු ලබා ගන්නට නොදෙමින් පන්දු ඕවර් 49.3 ක් තුළ ලකුණු 232 ක් ලබා ගත්තා.

ලකුණු 232 ක් යනු නූතණ පන්දු ඕවර් 50 ක්‍රිකට් ක්‍රීඩාව තුළ විශාල ලකණු ගණනක් නොවුණත්,ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මේ දක්වා ඉදිරියට පැමිණියේ පන්දු යවන්නන්ගේ දස්කම් මත නිසා එම ලකුණු ප්‍රමාණය රැක ගැනීමට ඉඩ තිබුණු අතර හොඳ තරගයක් ලබා දෙන්නට සමත් වුණා.පන්දු 29 දී ලකුණු 26 ක් සහ කඩුලු 3 ක් ඉතිරිව තිබෙන මට්ටටම කොදෙව් කණ්ඩායම මත පීඩනය ගොඩ නැඟුවද,අංක 8 සහ 9 පිතිකරුවන් දෙදෙනා ඉතාමත් වගකීම් සහගතව පන්දු 26 දී එම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කොදෙව්වන් සතු කර ගැනීමට සමත් වුණා.


ශ්‍රී ලංකා පිතිකරුවන් මේ තරගයේදී ද සුපුරුදු දස්කම් අතරට ඒමට අපොහොසත් වුණා.අසාර්ථකවීම නිසාම කණ්ඩායමෙන් පිටත රඳවා සිටි විශේන් හැළඹගේ ඊයේ නැවතත් ආරම්භක පිතිකරු භූමිකාවට කැඳවා තිබුණත් සුපුරුදු ලෙස ඔහු අසාර්ථක වෙමින් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.පුළිඳු පෙරේරා පීඩනයෙන් මිදෙමින් යම් ආකාරයකින් ස්ථාවර වෙන්නට උත්සාහ ගත් අතර ඔහු ලකුණු 24 ක් එකතු කළා.සුපුන් වඩුගේ හොඳ ඉණිමක් ගොඩ නඟමින් සිටියදී ලකුණු 31 ට දුවද්දී දැවී යාමකට හසුවීම ද මේ පරාජයේ එක් සංධිස්ථානයක් වුණා.


මුල් කඩුලු හය අතරම කිසිඳු කඩුල්ලකට ලකුණු 50 ක සබඳතාවයක් ගොඬ නඟා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත්වීම කැපී පෙණුනා.හත්වන කඩුල්ලට දිනුර කළුපහන සහ මල්ශ තරුපති ගොඬ නැඟූ ලකුණු 51, ශ්‍රී ලංකා ඉණිමේ සාර්ථකම සබඳතාවය වුණා.කෙසේ නමුත් මල්ශ තරුපති,විහස් තෙව්මික,විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා ස එකතු කරගෙන සුළු සුළු සබඳතා ගොඩ නඟමින් තරගයේ අවසාන පන්දුවට අවසාන කඩුල්ල දැවෙන විට ශ්‍රී ලංකා ඉණිම ලකුණු 231 ක් දක්වා ගෙන ගොස් තිබුණා.දිනුර මේ තරගයේදීත් මේ තරගාවලියේ රැස් කළ තෙවන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53 ක් රැස් කිරිම කැපී පෙණුනා.


පිළිතුරු ඉණිමට පිවිසෙන විට මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආක්‍රමණික බලපෑම ගැන කොදෙව් තරුණයන් අවධානය යොමු කර තිබුණ බව පෙණුනා.ඒ නිසාම තරගය ආරම්භයේදීම ප්‍රතිආක්‍රමණයකට පිවිසෙමින් මානසිකව පීඩනයක් ඇති කිරීමේ අරමුණෙන් කොදෙව් ආරම්භක පිතිකරුවන් ක්‍රියාත්මක වන්නට ගත්තා.විශේෂයෙන් නායක ස්ටේෆාන් පැස්කල් පන්දු 26 න් ලකුණු 33 ක් ලබා ගනිමින් ප්‍රහාරයේ පෙරමුණ ගත් අතර තරගාවලියේ මේ දක්වාම ලකුණු නැතිව සිටි ස්ටීව් වෙදර්බර්න් නායකයාට සැඟවෙමින් කඩුල්ල රැක ගැනීමේ යෙදී සිටියා.ස්ටීව් ඒ ක්‍රමයෙන් සාර්තකත්වයට පක්වෙමින් තරගයේ වීරයා විය හැකි ඉණිමක් ගොඩ නඟමින් පන්දු 61 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර පහක් සමඟ ලකුණු 61 ක් රැස් කරන්නට සමත් වුණා.


එහෙත් ජොර්ඩන් ජොන්සන් (39) හැරෙන්නට සෙසු පිතිකරුවන් දඩයම් කර ගනිමින් ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වුව ද,හත්වන කඩුල්ල බිඳ වැටීමෙන් පසුව නේදන් සෙලී සහ තරීක් එඩ්වඩ් ඉතාමත් කල්පනාකාරීව ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු ප්‍රමාණයට පිවිසුණා.ශ්‍රී ලංකා නායකයා සතුව පන්දු යවන්නන් විශාල වශයෙන් සිටිය ද,අවශ්‍යය මොහොතට නිසි ඉලක්කයට පීඩනයක් ඇති විය හැකි පන්දු යවන්නෙක්ගෙ අඩුවක් තිබුණා.ඒ වෙනුවෙන් කරල ලද විවිධ අත්හදා බැලීම් නිමා අවසානයේ දිනුර කළුපහනගෙන් පන්දු ඕවර් 10 ක් යවා ගැනීමේ ඉඩකඩක් නායක සිනෙත් ජයවර්ධනට අතපසු වුණා.


කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ක්‍රීඩකයන්ගේ හැකියාව සම්බන්ධයෙන් යම් විශ්වාසයක් ඔවුන්ගේ මනස තුළ ඇති කරන්නට ආසියානු තරගාවලියෙන් පසුව ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතියක් දකින්නට ලැබෙනවා.ආසියානු තරගාවලියේ අවසාන කණ්ඩායම් හතරට හෝ පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලංකා යෞවනයන් වෙනුවට වෙනත් කණ්ඩායමක් දකින්නය ලැබෙන බව පිළිගැනීමට අප අවංක විය යුතුයි.ජාතික මට්ටමට පිවිසෙන තරුණ ක්‍රීඩකයන්ගේ සංචිතවල සිටම ඔවුන්ට මානසික අභිප්‍රේරණයේ අව්‍යශතාවය මේ හරහා හඳුනාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියා කරන්නේනම් වැදගත් සහ සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට හැකියාව ලැබෙනු ඇති.


තරගාවලියේ ලකුණු පූවරුව →
https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/sri-lanka-under-19s-vs-west-indies-under-19s-26th-match-super-sixes-group-2-1399749/full-scorecard


ඡායාරූපයේ දැක්වෙන්නේ ස්ටීව් වෙදර්බර්න් ක්‍රීඩා කළ අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය