කරුවලගස්වැව වෙඩි තැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): ඊයේ (30) රාත්‍රීයේ , කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, එම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...