කරුවලගස්වැව වෙඩි තැබීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): ඊයේ (30) රාත්‍රීයේ , කරුවලගස්වැව බුද්ධි ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, එම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවූ පාවට්ටාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...