කෙහෙළිය අත්අඩංගුවට ගන්නැයි බලකරමින් CID ය ඉදිරිපට සත්‍යග්‍රහයක්!

Date:

කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වෙයි.

එම සත්‍යග්‍රහය සංවිධානය කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව විසිනි.

ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුන් ගනුදෙනුවට හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි පවා තිබියදී තවදුරටත් ඔහුව රකින්නේ කාගේ වුවමනාවකටද යන්නයි උක්ත පිරිස් ප්‍රශ්න කර සිටින්නේ.

ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් විමසීම සඳහා අද දිනයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් ද කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/640/Passive-resistance-demanding-the-arrest-of-ex-Health-Minister

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඊ කොටසේ අනුග්‍රාහකයා ලෙස 23...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...