සජබෙට දයා රත්නායක ගත්තා නම් ගෝඨාභය ගන්නත් ඉඩ තියෙනවා – සරත් ෆොන්සේකා

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW):

හිටපු හමුදාපති සහ වරාය අධිකාරියේ හිටපු සභාපති වන දයා රත්නායක තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෙකු කරගත් සජබ නායක සජිත් ප්‍රේමදාසට  ගෝඨාභය වුවද සජබයට එකතුර ගැනීමට පුළුවන් බව ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) කොළඹදී පැවති සජබ විරෝධතාවයට එක් වෙමින් යූටියුබ් නාලිකාවකට ප්‍රකාශයක් ලබා දෙමිනි.“ඊයේ දැක්කා හමුදාපති කෙනෙක් එකතු වෙලා තියෙනවා. මේව මම කියන්න ලැජ්ජා නැහැ. මම ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා මේක කියන ටික කිව්වා.එයා තමයි 2010 මම අත්අඩංගුවට ගත්තාම මාව නාවික හමුදාවේ හිර කරලා තියෙන කොට මට විරුද්ධව චෝදනා පත්‍ර නගන්න අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩනය කළේ. ඒ කරලා චෝදනා හැදුවේ මෙයා තමයි. එ හින්දා එයා නිලධාරීන්, ජෙනරාල්ලා 25 දෙනෙකුට වඩා උඩට ගෙනෙල්ලා කෙළින්ම හමුදාවේ දෙවෙනියා කළා. එහෙම කරලා තමයි එයා හමුදාපති කළේ.එදා ඉඳලා ගෝඨාභයත් එක්ක වරායේ හිටියා. ඊට පස්සේ ලේකම් කෙනෙක් වෙලා හටියා. අන්තිමට ගෝඨාභය ගෙදර ගියාම…. දැන් මෙයා ගෝඨාභයගේ දකුණු අත. මෙයා ගන්නවා නම් ඊළඟට ගෝඨාභයත් ගන්න පුළුවන්…”

ලෙස සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...