ඉම්රාන් ඛාන්ගේ සිර දඩුවම වසර 14ක් දක්වා දීර්ඝ කෙරේ.

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී වෙත වසර 14ක සිර දඩුවම් එරට අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ.

ඛාන් අත්අඩංගුවට ගත් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා රැඳවුම් භාරයේ සිටින අතර අද(31) තීන්දුවෙන් අනතුරුව ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී පොලීසිය වෙත භාර වී තිබේ.

මෙම අධිකරණ තීරණයෙන් අනතුරුව හිටපු අගමැතිවරයා ද වසර 10 කට රජයේ නිලතල දැරීමෙන් නුසුදුස්සකු වන අතර ඔහුට පෙබරවාරි 8වන දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය මගහැරේ.

2022 දී ඛාන් විරුද්ධවාදීන් විසින් අගමැති ධුරයෙන් නෙරපා හරින ලද දා සිට නොයේක් චෝදනාවන්ට ලක් වූ අතර ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ තමාට එරෙහිව ඇති බොහෝ නඩු දේශපාලනික අභිප්‍රේරිත ඒවා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...