*
Saturday, February 1, 2025
spot_img

Latest Posts

ලංකාවේ ක්‍රීඩාවේ තීරණ ගැනීම පාර්ලිමේන්තුවට…

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 01,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට තීරණ ගැනීමට පහසු කරන ජාතික ක්‍රීඩා සභාවේ නියෝජනය පාර්ලිමේන්තුව සතු විය යුතුය.අප කාලයක සිට මේ අදහස කියන්නේ එවිට පක්ෂ විපක්ෂ වැඩි පිරිසක් සහිත කමිටුවක සාකච්ඡාවලදී තීරණ ගැනීම තාර්කික සහ විශ්වසනීයවීමට වැඩි ඉඩක් ඇති නිසාය.දෙපාර්ශවයක් නියෝජනය කරන නිසා ගේම් ගැසීමට ඇති ඉඩ වැඩි අතර එම ක්‍රීඩා සභාවට ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් අවශ්‍යයම මොහොතේදී,ඔහුගේ ආරාධනයෙන් බැහැරව හෝ මැදිහත් විය හැකි තත්ත්වයක් ඇති කළ හැකිය.


දැනට පාර්ලිමේන්තුව ක්‍රීඩාවේ වගකීම හැටියට සියයට 90 ට ත් වඩා කතා කරන්නේ අතිශයින් ජනප්‍රිය ක්‍රිකට් ගැනය.ඒ නිසා අනෙකුත් ක්‍රීඩා ගැන පර්ලිමේන්තුව හැසිරෙන්නේ කිසිඳු අදහසක් නැතිව මෙන්ය.එම තත්ත්වය වෙනුවට රටේ ජාතික මට්ටමේ සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඊට අනුශාංගික ඉසව්වල තත්ත්ව සහ දත්ත ද ජාතික ක්‍රීඩා සභාවට ස්පර්ශය පිණිස ලැබෙනු ඇත.ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජනතාව පත් කළ යවන නියෝජිතයින් ජනතාවගේ ක්‍රීඩා ගැටළුවලට මීට වඩා සංවේදීව මැදිහත් වනු ඇත.ජාතික ක්‍රීඩා සභාව යන්නෙහි නම තරමකට වෙනස් කර දැනට රටේ මූල්‍ය විනය ආදිය සුරැකෙන පරිදි සකස් කර ඇති පාර්ලිමේන්තු නියෝජිතයන් සිටන කමිටුවකට මේ වගකීම පැවරිය හැකිය.


ක්‍රීඩා විෂය ගැන දන්න පිරිස් වෙනම ආකාරයකට ක්‍රීඩාවේ තාක්ෂණික ප්‍රශ්න ගැන අමාත්‍යවරයාට උපදෙස් දීම වැදගත් වනු ඇත.ජාතික තේරීම් කමිටුව වැනි සංයුති තරමක් වගකීම් වැඩි කර ඒ සඳහා යොදා ගැනීම වැදගත් වනු ඇත.පාර්ලිමේන්තුවේ පත් කරන කමිටුව භෞතිකය හමු නොවුණ ද,සූම් තාක්ෂණය වැනි කාරණා ඔස්සේ හෝ ඉක්මණින් තීරණ ගැනීමට හැකි පරිදි සකස් වීම වැදගත්ය.එහිදී මේ වන විට මතු වී තිබෙන වීසා ගැටළුව දිගින් දිගටම ඇදී යාම නැවත්වීම වැදගත්ය.ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශ මැදිහත් කරගත හැකි ආකාරයක් ද සකස් විය යුතුය.


මේ අවුරුද්ද ඇරඹෙන්නෙත් රුමේෂ් තරංගනම් වූ ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරීමේ සූරයාට ඔස්ට්‍රේලියාවේ පැවති තරගාවලියක් අහිමි කරමින්ය.මේ වරද වැඩිපුරම සිඳුව ඇත්තේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වන අතර එහිදී කිසිඳු ක්‍රියා මාර්ගයක් වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා පරිපාලකයන්ට ගෙන නැත.වගකීම් විරහිතභාවයේ හොඳම ගොදුර බවට වීසා හරහා පත්වන්නේ ශ්‍රී ලංකාවේ මැරතන් ක්‍රීඩකයින්ය.මැකාවා හී පැවති මැරතන් තරගයකට ඔලිම්පික් සභාපතිට ද නොදන්නා,ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩකයෙකු,ක්‍රීඩිකාවක සහ නිලධාරියෙකු පිටත් කර හරින්නේ වීසා නොමැතිවය.අඩුම තරමේ ඊට මාසයකට පමණ පෙර ඔලිම්පික් සභාපති ද වීසා නොමැතිව හරවා එවා ඇති රටකට යැවීමට පෙර ඔහුව දැනුවත් කර තිබුණානම් එම ක්‍රීඩකයන් සහ නිලධාරීන්ට මෙවැනි ගැටළු මතුවන්නේ නැත.


අවාසනාවකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුහුණ දෙන්න වන මෙවැනි සිඳුවීම් ගැන පරීක්ෂණ කර දඩුවම් නියම කිරීම් සිදුවන්නේ නැත.ඒවා පාර්ලිමේන්තුවේ මාතෘකා බවට පත් වන්නේත් නැත.අපහසුවට අසාධාරණයට පත්වන ක්‍රීඩකයින් එය දරාගෙන සිටිය යුතුය.ලෝක මට්ටමෙන් අපකීර්තිමත් අවස්ථා රටට ඇති කළ නිලධාරීන් නිසා රටේ ක්‍රීඩාවට වන හානි ඇස් පනාපිට පෙනෙන්නට තිබුණත් නිලධාරීන්ට එරෙහිව තීරණ ගන්නේ ද නැත.මේ මොහොතේ දී සිඳුවෙමින් පවතින්නේ ද එවැනි තත්ත්වයක්ය.මේ සඳහා බොහෝ විට හේතු වන්නේ ක්‍රීඩාවේ වසර ගණන් තැම්බුණු මිනිස්සු පත්වන දේශපාලනඥයා බය කරන හෝ පිනවන නහර ඇල්ලීම හරියටම දැන සිටීමය.මෙවැනි අවස්ථාවන් පාර්ලිමේන්තුවේ කමිටුවක් හරහා මඟ හරවා ගැනීමට වැඩි ඉඩක් ඇත.මන්ද විවිධ දේශපාලන මත දරන නියෝජනයක් මඟින් රෙදි ඉරා ගන්නට කිසිවෙක් කැමති නොවනු ඇත.


පාලනයේ අවස්ථා ගණන නියෝජනය,වයස් සීමාව වැනි කරුණු ක්‍රීඩා අමාත්‍යංශය විසින් දමන ලද නීති අතර පැවතිය යුතු ඒවාද යන්න නැවත නැවත විමසා බැලීම වටින්නේය.වයස වෙනුවට සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කරන කමිටුවක මැදිහත්වීම කෙරෙහි අවධානය යොමු කරන්නේනම් වැදගත් වනු ඇති බව අප මීට පෙර ද කියා ඇත.ලෝකය ද වයස කියන සාධකය ගැන සිතන බවක් ක්‍රීඩාවේදී වැඩිපුර දකින්නට නැත.


ක්‍රීඩා කිරීමේ වැදගත්කම ගැන ද සමහර විට ක්‍රීඩාවලට ප්‍රබෝධයට නොව විනාශ්‍යට බලපාන තැන් හමු වී තිබෙන්නේය.ක්‍රීඩා කිරීම පමණක් පරිපාලනයට සුදුසුකමක් නොවන තැන් හී සිඳුවන්නේ ක්‍රීඩාව පිරිහීමය.මේ නිසා ක්‍රීඩාවට ආදරය කරන පරිපාලනයට අවශ්‍යය දැණුම සහ මූල්‍යමය ශක්තියක් සහ කළමණාකරන හැකියාවක් ඇති පිරිස් සඳහා ජාතික ක්‍රීඩා සභාව හරහා අවසරය ලබා ගැනීමට ඉඩක් ක්‍රීඩා පණතේ සකස් කළ යුතුය.ඒ ජාතික ක්‍රීඩා සභාව දැන තියෙන ව්‍යහුය වෙනස් වී යෝජනා කරන පාර්ලිමේන්තු හැඩයකට සංශෝධනය වීමෙන් අනතුරුවය.


පසුගිය කාලයේ ක්‍රීඩා කළ අය ජාතික ක්‍රීඩා සභාවේ තමන්ගේ භූමිකා රඟ දැක් වූ ආකාරය අපි දුටුවෙමු.තමන් කළ ක්‍රීඩාව හා සම්බන්ධ අමාත්‍යවරයාගේ මැදිහත්වීම් සම්පූර්ණයෙන් අවුල් කර ඔවුන්ව දේශපාලනයේ ද අවලංගු කාසි කළ හැටි අපි දුටුවෙමු.තවත් අය දුන්න වගකීම හරහා තමන් නියැලි ක්‍රීඩා කේෂ්ත්‍රෙය් අතින් වියදම් කරගෙන යන නිලධාරීන්ගේ නම් ද කප්පාදු කර ඒ බර ක්‍රීඩකයින් පිට දමන අයුරු ද දුටුවෙමු.මේ මොහොතේත් තමන් කළ ක්‍රීඩාවල වැරදිකරුවන් වෙනුවෙන් හිතේ ඇති මිතුරුකම් නිසා කිසිවක් නොකරන්න අමාත්‍යවරයාට උපදෙස් දෙන්නේද සිතන තරමේ සිදුවීම් දකින්නට ඇත.මේ සියල්ල නිසාත්,ක්‍රීඩාවේ තත්ත්වය නිතර මහජන නියෝජිතයින් ඉදිරියේ සාකච්ඡාවට ලක්වීම පිණිසත් ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් එම නමින්ම නොවුණ ද පාර්ලිමේන්තු කමිටුවකට පැවරීම වැදගත් වනු ඇත.නැත්නම් ක්‍රිකට් හැරෙන්නට වෙනත් ක්‍රීඩාවලට වන අතවර කරදර පාර්ලිමේන්තුව දන්නෙත් නැත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan