හයවැනි සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි ?

Date:

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය S. R. D. රෝසා මහතාත් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු වන අතර වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අයෙකි. මහාචාර්ය S. R. D. රෝසා මහතා භෞතික විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රැසක් ද රචනා කළ කතුවරයෙකි.

ගතවූ මාස එකහමාරක පමණ කාලය තුළ, නව රජයේ රාජ්‍ය ආයතන සභාපතිවරුන් පස් දෙනෙකු මීට පෙර ඉල්ලා අස්වී තිබිණි.

ඒ, රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා, ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ චින්තක හේවාපතිරණ මහතා වශයෙනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...

චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...