*
Saturday, February 1, 2025
spot_img

Latest Posts

ක්‍රීඩා ආර්ථිකයක් ගැන හිතන රටට විදේශිකයෝ 559 ක් තරඟ කරන ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියක්

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 01,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ දී පෙබරවාරි 25 සිට මාර්තු 2 දක්වා පැවත්වෙන 100 ජාත්‍යන්තර අභියෝග සූරතා බැඩිමින්ටන් තරගාවලියට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 559 ක ගේ සහභාගීත්වය සනාත කර තිබෙනවා.කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන මෙම තරගාවලිය නිමාවට පසු දින සිට (මාර්තු 3) සිට මාර්තු 8 දක්වා එම ස්ථානයම කේන්ද්‍ර කර ගනිමින් 100 ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලිය ද පැවත්වෙනවා.ඇමෙරිකාව,කැනඩාව,ජපානය මැලේසියාව,ඉන්දුනීසියාව ආදි විශාල රටවල් ගණනාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන පළමු තරගාවලියට 559 ක් සහභාගි වන අතර දෙවන තරගාවලියට සහභාගි වන පිරිසට තවමත් ඇතුළත්වීම සඳහා කාලය ඉතුරුව තිබෙනවා.


සුගතදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරගාවලියට රජය හැටියට අත තැබීමට ක්‍රීඩා අමාත්‍යංශයට ද අවස්ථාවක් තිබෙනවා.ඒ මේ තරගාවලිය හරහා පොදුවේ රටේ ආර්ථිකයට එකතු වන ශක්තිය පිළිබඳව අවධානය යොමු කර සුගතදාස ක්‍රීඩාංගණය ලබා දීමේදී නොමිලේ නොහැකිනම් අවම මිලකට හෝ එම භූමිය තරගාවලියට වෙන් කර ලබා දීමෙන්.එහෙත් මේ ක්‍රීඩා පරිපාලන ඒකක සම්බන්ධයෙන් ක්‍රියා කරන නිලධාරීන්ට මේ මොහොතේ ඊට වඩා වැඩ ගොඩ ගැසී තිබෙන්නේ තමන්ගේ හිතවතුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඇන්දවීම කෙරෙහි වන නිසා,බැඩිමින්ටන් තරගාවලිය සම්බන්ධයෙන් තවම අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.


මේ තරගාවලියට දේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 108 ක් ද එක් වීමට නියමිත අතර ඒ අනුව තරගාවලිය සඳහා මුළු සහභාගීත්වය 667 ක් වෙනු ඇත. ක්‍රීඩකයෝ 399 ක් සහ ක්‍රීඩිකාවෝ 268 ක් තරගාවලිය නියෝජනයට ඉදිරිපත්ව සිටිති.පිරිමි කේවල,කාන්තා කේවල,පිරිමි යුගල,කාන්තා යුගල මෙන්ම මිශ්‍ර යුගල ලෙස සෑම තරග අංශයකට විශාල ඉල්ලුම් පත් ප්‍රමාණයක් ලැබී ඇති බැවින් බොහෝ විට ප්‍රධාන තරග සටහනට එකතු කර ගැනීම සඳහා ශ්‍රේණිගත කිරීම් අනුව විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට සුදුසුකම් වටවල තරග කරන්නට සිදුවනු ඇතැයි සිතිය හැකිය.


කොළම නගරය ආසන්නයේ මේ වන විටත් තරගාවලිය වෙනුවෙන් නවාතැන් පහසුකම් ලබා දීමට තරු පංතියේ හෝටල් දෙකක් ඉදිරිපත්ව සිටින අතර සමහර විට එම හෝටල්වලට වඩා මිල අඩු හෝටල්වලට හෝ මිල වැඩි වඩාත් සුඛෝපභෝගී හෝටල් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ හිතවතුන් සහ කාර්ය මණ්ඩල නවාතැන් වෙනුවෙන් වෙන් කර ගැනීමට ඉඩ ඇත.එය රටට ඩොලර් ගලා එන විශේෂ අවස්ථාවක් වනු ඇත.රජය මේ කාරණය පිළිබඳව යම් ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇතුව මෙවැනි ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේදී ක්‍රීඩා අමාත්‍යංශයට ප්‍රධාන වශයෙන් අයත් සම්පත් භාවිතාවේදී ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇති කර ගන්නේනම් එය බැඩිමින්ටන් ක්‍රීඩාවට පමණක් නොව වෙනත් ක්‍රීඩාවන් ද ජාත්‍යන්තර තරග සංවිධානය කෙරෙහි පොළඹවන සුළු විය හැකිය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan