ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම් කැනේඩියානුවන්ට කෙසේ බලපානු ඇත්ද?

Date:

සටහන – පුලී
පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු පනවන්නේ නම් කැනඩාව බලහත්කාරයෙන් හෝ වහාම ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි අගමැති ජස්ටින් ටෘඩෝ පැවසීය.

කැනේඩියානු ආනයන සඳහා 25% ක තීරුබදුවක් අය කළ හැකි බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත විය.

“එය අපට අවශ්‍ය දේ නොවේ, නමුත් ඔහු ඉදිරියට ගෙන ගියහොත් අපි ද ඊට එරෙහිව ක්‍රියා කරන්නෙමු,” යනුවෙන් ටෘඩෝ ප්‍රකාශයක් නිකුත් කළේය.

තීරු බදු යනු ට්‍රම්ප්ගේ ආර්ථික දැක්මෙහි කේන්ද්‍රීය කොටසකි. ඔහුගේ ඇසින් ඔහු දකින්නේ එක්සත් ජනපද ආර්ථිකය වර්ධනය කිරීමට තීරු බදු ඔස්සේ හැකියාවක් ලැබෙන බවත්, රැකියා ආරක්ෂා කිරීමේ සහ බදු ආදායම ඉහළ නැංවීමේ මාර්ගයක් ලෙසත් ය.

එවැනි පියවරක් කැනඩාවේ ආර්ථිකයට විනාශකාරී ක්ෂණික බලපෑම් ඇති කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

මෙවැනි නියෝගයන් හේතුවෙන් ඉදිරි දින සහ සතිවලදී කැනේටියානුවන්ට දුෂ්කර කාලයකට මුහුණ දීමට සිදු වන බව ටෲඩෝ කැනේඩියානුවන්ට සිය රූපවාහිනී දේශනයේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...