පාස්කු ප්‍රහාරය : අසාද් මවුලානා ලංකාවට. සලේ සහ ගෝඨා හිරවෙන ලකුණු ?

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අසාද් මවුලානා හිටපු ඇමතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ අයෙකි. දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ මත සිටින ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද රජය මේ වනවිට ඉවත් කරගෙන ඇති අතර නුදුරේදීම ඔහු මෙරටට පැමිණෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව අදාළ චැනල් 4 වැඩසටහනේදී කියැවුණු කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරගෙන යමින් පවතී. අසාද් මවුලානා මෙරටට පැමිණීමෙන් අනතුරුව එම විමර්ශනයට අදාළව සාක්ෂි දීමට නියමිත බව සඳහන්.

එම සාක්ෂි මත පදනම්ව එම විමර්ශනය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ දෙසටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසටත් හැරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...