මධ්‍යම පාන්තිකයන්ට බදු සහන ලබා දෙමින් ඉන්දියාව 2025-26 අයවැය එළිදක්වයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය මධ්‍යම පාන්තිකයන්ට බදු සහන ලබා දෙමින් කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන ක්‍ෂේත්‍රය නංවාලමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් 2025-26 වාර්ෂික අයවැය එළිදක්වා තිබේ.

අද(01)දිනයේදී පාර්ලිමේන්තුවේදී වාර්ෂික අයවැය ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසුවේ නව අයවැය මධ්‍යම පන්තියේ බදු අඩු කරන අතර ඔවුන්ගේ අතේ වැඩි මුදලක් ඉතිරි කර, ගෘහස්ථ පරිභෝජනය, ඉතුරුම් සහ ආයෝජන ඉහළ නංවනු ඇති බවයි.

මිට අමතරව මෙම අයවැය මඟින් දුප්පතුන්ට, තරුණයින්ට, ගොවීන්ට සහ කාන්තාවන්ට උපකාර කිරීම ද අපේක්ෂා කෙරේ.

මෙවර අයවැය මඟින් ගොවියන් මිලියන 17 ක් ඉලක්ක කර ඔවුන්ට ලබා දෙන සහනාධාර ණය සීමාව ඩොලර් 3,460 සිට ඩොලර් 5,767 දක්වා ඉහළ නංවමින් ධාන්‍ය වර්ග වගා කිරීම සහ කපු නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් ඉහළ අස්වැන්නක් ලබා දෙන භෝග හඳුන්වා දීම සඳහා රට පුරා වැඩසටහනක් දියත් කිරීමෙන් රජය කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ නංවනු ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රොයිටර් වාර්තා කර තිබුණේ, මෙම පියවර හේතුවෙන් වාර්ෂිකව ඉන්දීය රුපියල් ට්‍රිලියන 1ක (ඩොලර් බිලියන 11.6ක) මුදලක් භාණ්ඩාගාර ආදායමට අහිමිවනු ඇති බවත්, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රට ලබන වසරේ දුර්වල නාගරික ඉල්ලුම සහ දුර්වල පෞද්ගලික ආයෝජන මධ්‍යයේ වසර හතරකින් එහි මන්දගාමීම වර්ධනයක් වාර්තා කරනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...