ඔස්ට්‍රේලියාවට ලංකාවෙන්, දවසක තෑග්ගක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 01,(LNW)කොළඹ :

වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවති පළමු ටෙස්ට් තරගය දින හතරකින් නිමාවට පත් වූයේ ඔස්ට්‍රේලියාවට ඉණිමක සහ ලකුණු 242 ක ජයක් හිමි වෙමින්ය.ඉන්දියානු සංචාරයේදී එතරම් සාර්ථක නොවුණු උස්මාන් කවාජා ගේ දිගු ලකුණු 232 ක ඉණිම වටා ගොඩ නැඟූණු මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුව තරගයේ වීරයා හැටියට අභිෂේක කළේය.


ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පෙරාතුව ආබාධ මත ක්‍රීඩකයින් තිදෙනෙකු ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවට පළ වූ පුවත් සත්‍යදැයි සැක සිතෙයි.ඒ, තරමට ශ්‍රී ලංකාව පන්දු යවන විට ඔස්ට්‍රේලියානු ඉණිම ලකුණු 654 ක් දක්වා යද්දී සහ ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් වාර්තා වෙද්දී ද මුළු තරගයම පන්දු යවන්නන් හතර දෙනෙකු මත තබා ක්‍රීඩා කිරීම විශ්වාස කළ නොහැකි බැවින්ය.ආබාධ මත ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ප්‍රකාශ වූ නායක ධනංජය ද සිල්වා මෙන්ම කමිඳු මෙණ්ඩිස් ද යම් ආකාරයකින් අතිරේක පන්දු යවන්නන් ලෙස කටයුතු කරන අය වුව ද,ඔවුන් එක පන්දුවක් හෝ යැවීමට ඉදරිපත් නොවීය.


සැබවින්ම ආබාධ නිසා ඔවුන් පන්දු නොයැවීම සිඳු වූයේ නම් ඒ වෙනුවට එක් ක්‍රීඩකයෙක් හැටියට ගත වෙන මොහොතේ හොඳින්ම දක්ෂතා අතර සිටින සොනාල් දිනූෂට මංගල ටෙස්ට් වරම් ලබා ගන්නට අවස්ථාව ලබා දෙන්නට තිබිණ.තරගයට පෙරාතුව ඔස්ට්‍රේලියාව මෙතරම් ප්‍රබල මට්ටමකට ගාල්ලේදී නො‘පිවිසෙනු ඇතැයි සිතුවද දඟ පන්දු යවන්නන් තිදෙනෙකුද සමඟ තරගයට ක්‍රීඩා කරන බල ඇණිය ප්‍රකාශ කරන විට ඔස්ට්‍රේලියා කණ්ඩායමක සාමාන්‍යයෙන් නොදකින එම කණ්ඩායම් සංයුතියම ඔවුන්ගේ සූදානම ගැන සිතා ගන්නට ප්‍රමාණවත් වන්නට තිබිණ.එවැනි ආයුධ සහිත පන්දු යැවීමේ බල ඇණියක් සූදානම් කර තිබෙනු දැක දැකත් පන්දු යවන්නන් සිව් දෙනෙකු පමණක් යොදා ගෙන පන්දු යැවීම ගැන ධනංජය ද සිල්වා පිළිතුරු බැඳිය යුතුව ඇත.
ඔහු සහ කමිඳු මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද එකඳ පන්දුවක් හෝ යැවීමට නො‘ආවේ ඇයිද යන්න සහ ඔවුන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය සියයට සියයක් යහපත් මට්ටමක නොතිබුණේ ද යන්න විමසා බැලිය යුතුම කාරණාවකි.


පළමු ඉණිමේ ලකුණු 165 ට දැවී ගිය පසුව පිට පිටම දෙවන වරට පන්දුවට පහර දෙන්නට වූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දකින්නට ලැබුණු තැති ගැන්ම මෙන්ම පීඩනය ඉවත හැරීම සඳහා ආක්‍රමණශීලී වීමේ ප්‍රමාණයේ සීමාව නොදැන සිටීම ද ගැටළුකාරී විය.පළමු ඉණිමේ දී ධනංජය එල්ල කරන්නට උත්සාහ කළ පහර වගේම දෙවන ඉණිමේදී හොඳින් පන්දුව දකිමින් ප්‍රතිවාදීන් තුළ තිගැස්මක් ඇති වන ප්‍රහාරයක් දියත් කරමින් සිටි කමිඳු පිට පිටම හයේ හතර පහරවල් එල්ල කරන්නට යාමත් පෙන්නුම් කළේ යම් අසංවර තත්ත්වයක්ය.ඇන්ජලෝ මැතිව්ස් ද දෙවන ඉණිමේ දී දැවී ගියේ හොඳ ඉණිමක් ගොඩ නඟමින් සිටියදි ය.එහෙත් අවශ්‍ය නොවන පහරකට යාමෙන්ය.


ඔෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න ඉණිම දෙකේදීම අසාර්ථක වූහ.විශාල ලකුණු ගණනක් හඹා යාමට තිබියදී මුල එසේ ඉදිරී වැටීම ගොඩ ඒමට අමාරු තත්ත්වයක් නිර්මාණය කරන්නේය.එම එක් තැනක ලහිරු උදාරව යෙදවීමට තිබිණ.එසේම ටෙස්ට් සංචිතයෙන් එතරම් අසාර්ථක නොවුණු නිශාන් මධුශ්ක එළියට වීසි වීම ද සිතා ගන්නට නොහැකිය.


තේරීම් කමිටුව සම්බන්ධයෙන් පෙනී සිටින අවස්ථාවන්වලදි රැලි වල නොනැඟ ඊට විරුද්ධව ලිවීම සිඳුකළ ද,මේ තරගයේ කණ්ඩායම් සංයුතිය බැලීමේදී සහ එම කණ්ඩායම හැසිරිමේදී ද පැහැදිළි වූයේ සියයට සියයක් සුදුසු මට්ටමේ කණ්ඩායමක් මේ තරගයට ලැබී නොමැති බවය.විශේෂයෙන් පන්දු යැවීම මෙහෙයවීමේදී හැසිරුණු ආකාරය ආදිය සැළකිල්ලට ගනිද්දී ඒ තත්ත්වය ගැන ඇති වන අවිශ්වාසය විශාල වන්නේය.
තරගයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ ආවොත් ආවා ගියොත් ගියා න්‍යායයෙන් පන්දු 47 න් ලැබූ ලකුණු 53 ශ්‍රී ලංකාව වෙනුවෙන් දින හතරක් වෙන් කළ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට හිමි වුණ සැනසිලි තෑග්ගක් බඳුය.කෙසේ වෙතත් හෙට ඉතිරි වූ දිනය ශ්‍රී ලංකාවට වැඩි ඩොලර් ආදායමක් ලැබෙන ආකාරයට සැළසුම් කරන්නට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කටයුතු කරනු ඇතැයි සිතා දැනට සතුටු වන්නෙමු.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවය.
https://es.pn/4jAPpsl

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...