නාමල් හෙට අලුත් වැඩකට බසී!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ (LNW):

හෙට (02) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන ආරම්භ වීමට නියමිතව තිබේ.

හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ අනුව හෙට දහවල් දෙකට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් මෙන්ම ආණ්ඩුව සිදුකරන මර්ධනකාරී වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන සඳහා එක් වීමට නියමිතව ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල ගම්මාන ඇතුළු ගම්මාන 14,000ක් ආවරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මෙහිදී සැලසුම් කර ඇත්තේ, පළාත් පළාන මැතිවරණයට ප්‍රථම තෝරාගත් සෑම ආසනයකටම ගොස් ප්‍රධාන ක්‍රියාකාරීන් හමුවීමට බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...