සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW:

මීගමුව ලාංකේය පාපන්දුවේ නව සළකුණක් බවට පත් කිරිමේ බහුකාර්ය වැඩ සටහනක ආරම්භය සටහන් කරමින්,FIFA Arena සංකල්පය මත මීගමුවට උසස් මට්ටමේ කුඩා පාපන්දු පිටියක් නිර්මාණය කිරීම සඳහා මුල්ගල තැබීම මීගමුව කඩොල්කැලේදී සිඳුවිය.


FIFA Arena ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ආරම්භ කිරීමට පදනම් වන හේතු සළකා බැලීමේදී ඒය ප්‍රජා සංවර්ධන සහ ප්‍රජා සුබ සාධන ක්‍රියාවලියක් ලෙස ගත හැකිය.ඒසේ වන්නේ ඒහි ස්තාන උපාය මාර්ගික කරුණ ලෙස අධ්‍යාපනික හා සමාජ සංවර්ධනය සඳහා ප්‍රවේශය උපරිම කිරීම සඳහා අඩු පහසුකම් සහිත හෝ ග්‍රාමීය ප්‍රජාවන්හි පාසල් අසල ස්ථාපනය කිරීමේ වැදගත්කම හඳුනාගැනීම නිසාය.ඒසේම ඒහි අරමුණු අතරට බිම් මට්ටමේ පාපන්දු ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ප්‍රජා සහජීවනය පෝෂණය කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා මෙවලමක් ලෙස ක්‍රීඩාව භාවිතා කිරීම කෙරෙහි යොමු වී තිබීම යන කාරණා කෙරෙහිද සැළකිල්ල යොමු කළ හැකිය.


එවැනි කෙළිබිම් දහසක් නිර්මාණය කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානය යොමු වී ඇති අතර ආසියාවේ ඒ් අවස්ථාවට හිමිකම් කියන රටක් හැටියට ශ්‍රී ලංකාවට ද අවස්ථාව හිමි වී ඇත.සෙසු රටවල් දෙක වන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාවය.ශ්‍රී ලංකාවේ අවස්ථා දෙකෙන් ඒකක් බැද්දගානට ලැබී ඇති අතර අනෙක් ඇරීනාය මීගමුව කඩොල්කැලේදී ජනවාරි 31 වන දින සුබ මොහොතින් මුල් ගල් තබා ආරම්භ කරන්නට යෙදුණේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ සුරතින්ය.ඒ් අවස්ථාවට ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර්ගේ ආරාධනයෙන් මීගමුව නගරාධිපතිවරයා වගේම පාපන්දු පරිපාලනයේ උප සභාපතිවරයෙකු මෙන්ම මීගමුව ප්‍රදේශයට නෑකම් ඇති අයෙකුද වන රංජිත් රොද්‍රිගෝ ඇතුළු ප්‍රභූ පිරිසක් ද සහභාගි වූහ.


ක්‍රීඩාවට තරුණයින් සහ ළමයින් යොමු කිරීම අභිප්‍රාය වන අතර පිටිය කෘතිම තණතීරුවක් ඇසුරෙන් නිර්මාණය වේ. 2025 මැයි මාසයේදී පැරගුවේ, අසුන්සියොන් හි පැවති 75 වන FIFA සම්මේලනයේදී නිල වශයෙන් දියත් කරන ලද වුව ද මේ වන විට FIFA ඇරීනා ලොව තුළ වේගයෙන් ප්‍රචලිත වෙමින් ඇත.


නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වැඩ සටහනකදී ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථා දෙකෙන් ඒකක් මීගමුවට ලබා දීම ගැන පාපන්දු සභාපතිවරයාට ස්තූතිවන්ත වන බව පැවසීය.මෙය ඉතාම ආරක්ෂාකාරීව භාවිතයට ගැනීම වැදගත් බවත් නිරන්තරයෙන් ඒ ගැන අධික්ෂණයෙන් සිටින බවත් පැවසීය.රටට ලැබුණු දෙයක් හැටියට මෙහි සේවය නැවත රටට ලබා දෙන්න නොපැකිළෙන බව පැවසූ සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ් නිසා මෙහි උපකාරය මීගමුව පදනම් කරගෙන රටටම විවෘතව පවතින බව ද කීවේය.


ජස්වර් උමාර් අල වෙඉ් අඩවියට පැවසුවේ ක්‍රීඩාව ආර්ථීකයට පලදායී විදිහට හැසිරවීම සම්බන්ධයෙන් මීගමුව අදාළ කරගෙන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරන බවය.සියළු පහසුකම්වලට පහසු ස්ථානයක් ලෙස ක්‍රීඩාව සමඟ ආර්ථිකය සංවර්ධනය වන ව්‍යාපෘති පැමිණිය යුතු බවත් එවිට ජාත්‍යන්තරය ලංකාවේ ක්‍රීඩාවේ අනුග්‍රාහකයන් ලෙස පැමිණීමට ඇති ඉඩ පුළුල් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.ලාංකේය සම්භවයක් ඇති ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට කැඳවීම වගේම ඔවුන් සහභාගි වෙන දේශීය තරගාවලයකදී ඔවුන්ගේ වටිනාකම පියවිය හැකි දේශිය තරගාවලි සංවිධානයට අවශ්‍යය පරිසරය සකස් කිරිමට ක්‍රීඩාවේ පහසුකම් ජාත්‍යන්තර මට්ටමෙන් පවතින පොළවක් සැකසීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...

ඉන්ධන මිල සංශෝධනය කෙරේ. නව මිල ගණන් මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙබරවාරි...

මාලිමාවේ 159 රුසියාවේ පුටින්ගේ න්‍යෂ්ටික අවි වගේ – ඇමති බිමල්

ආණ්ඩුව සතු පාර්ලිමේන්තු ආසන 159ක බලය පාවිච්චි කරන්නේ අත්‍යාවශ්‍ය...