විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන – රුවන් නෙළුගොල්ල

විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ නිර්දේශය පිළිබඳ තීන්දුවක් ගැනීම ලබන අඟහරුවාදා දිනය දක්වා කල්ගොස් ඇති බව වාර්තා වේ.

මෙම තනතුර සඳහා ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා හතරකදී පුද්ගලයින් 4 දෙනෙකුගේ නම් නිර්දේශ කර තිබුණ ද ඒ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ජනාධිපතිවරයා විසින් පස්වැනි වරට එවන ලද නම සම්බන්ධයෙන් සලකා බලා අවසන් තීරණයක් ගැනීම ඊයේ (31) දිනයේදී සිදුකිරීමට නියමිතව තිබුණත් එය ලබන අඟහරුවාදා (03) දිනයේදී සිදුකෙරෙනු ඇති බවයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ.

“විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා”

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති ධුරය පුරප්පාඩු වූ අතර මේ දක්වාම මාස නවයක් තිස්සේ එම තනතුරට පුද්ගලයකු පත්කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...