ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගවලට සහභාගි වන නෙදර්ලන්ත කණ්ඩායම ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවට පැමිණියා.ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නැටුම් කලාවේ අංග ඇතුළත් පිළිගැනීමක් සමඟ ශ්‍රී ලංකාව සිය සත්කාරකත්වයේ උණුසුම පුද කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී නෙදර්ලන්ත කණ්ඩායම පිළිගැනීමට කටයුතු සංවිධානය කර තිබුණා.


ස්කොට් එඩ්වඩ්ස් නායකත්වය දරණ නෙදර්ලන්ත කණ්ඩායම සිය පළමු විස්සයි විස්ස 2016 ලෝක කුසලාන තරගයට පෙබරවාරි 7 වන දා සහභාගි වන්නේ පකිස්තානය සමඟයි.එය දිවා තරගයක් ලෙස පැවත්වුණ ද,එස්එස්සී පිටිය දිවා රාත්‍රී තරග සඳහා අළුත්වැඩියා කිරීමෙන් ඉනික්බිති පවත්වන පළමු තරගයයි.


ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන අයර්ලන්ත කණ්ඩායම අද (පෙබරවාරි 01) දිවයිනට පැමිණිමට නියමිත අතර පෙබරවාරි 02 වන දා එංගලන්ත කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම දිවයිනට ළඟා වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...