නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW:
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගවලට සහභාගි වන නෙදර්ලන්ත කණ්ඩායම ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවට පැමිණියා.ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නැටුම් කලාවේ අංග ඇතුළත් පිළිගැනීමක් සමඟ ශ්‍රී ලංකාව සිය සත්කාරකත්වයේ උණුසුම පුද කරමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී නෙදර්ලන්ත කණ්ඩායම පිළිගැනීමට කටයුතු සංවිධානය කර තිබුණා.
ස්කොට් එඩ්වඩ්ස් නායකත්වය දරණ නෙදර්ලන්ත කණ්ඩායම සිය පළමු විස්සයි විස්ස 2016 ලෝක කුසලාන තරගයට පෙබරවාරි 7 වන දා සහභාගි වන්නේ පකිස්තානය සමඟයි.එය දිවා තරගයක් ලෙස පැවත්වුණ ද,එස්එස්සී පිටිය දිවා රාත්‍රී තරග සඳහා අළුත්වැඩියා කිරීමෙන් ඉනික්බිති පවත්වන පළමු තරගයයි.
ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන අයර්ලන්ත කණ්ඩායම අද (පෙබරවාරි 01) දිවයිනට පැමිණිමට නියමිත අතර පෙබරවාරි 02 වන දා එංගලන්ත කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම දිවයිනට ළඟා වීමට නියමිතයි.



