ටෙක්සාස් හා වර්ජිනියාවට අයිස් කුණාටු තත්වයක්; මරණ දෙකක් වාර්තා වේ

බටහිර ටෙක්සාස් සිට බටහිර වර්ජිනියා ප්‍රාන්තය දක්වා අයහපත් කාලගුණය නිසා ඇති වූ අයිස් කුණාටු තත්වයක් හේතුවෙන් ඇතිව ඇති වාහන අනතුරු හේතුවෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර ගුවන් ගමන් 1,600 කට වැඩි ප්‍රමාණයක් ද අවලංගු කර තිබේ.

ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් කියා සිටියේ, ප්‍රාන්තයේ මධ්‍යම, නැගෙනහිර සහ ගිනිකොනදිග ප්‍රදේශවල හදිසි ගංවතුර ඇතිවීමේ හැකියාව සමඟ දැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි.

පසුගිය දෙසැම්බරයේ සිට එක්සත් ජනපදයට හිම කුණාටු තත්වයක් ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ සංඛ්‍යාත නිවාස සඳහා විදුලිය විසන්ධි වී දුසිමකට වඩා මිනිසුන් මිය ගියේය. ඉන් අනතුරුව මෙම වසරේ ජනවාරි මාසයේදී ටොනේඩෝ සහ අධික වර්ෂාව හේතුවෙන් දකුණු ප්‍රාන්තවල ජෝර්ජියා සහ ඇලබාමා හි හත් දෙනෙකු මිය යන ලදි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපදයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ, අයිස් කුණාටු තත්වයන් ඉදිරියේදී දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...