ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක්

Date:

“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

ලෝක බැංකු ආධාර වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ ක්‍රමානුකූල අවදානම අඩු කිරීම, සමාජ ආරක්ෂණ ආයතන බෙදාහැරීම් පද්ධතිය සහ ඉලක්ක ගත කිරීම ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම යන කරුණු සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් විමසා බලා ඇත.

මෙම පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක මහතා විසින් පෙන්වා දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) යන මහත්වරු ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ ද ඊට එක්ව සිටියහ.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...