ලේක්හවුසියේ සේවක සේවිකාවන් 149 ස්වයං විශ්‍රාම ගැන්වේ

පස්වැනි වරට හඳුන්වා දුන් ලේක්හවුස් ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය අනුව සේවක සේවිකාවන් 149 දෙනකු මෙවර විශ්‍රාම ලැබූ අතර, ඒ වෙනුවෙන් ආයතනය රුපියල් මිලියන 194ක් වැය කර තිබේ.

ලේක්හවුස් ආයතනය හඳුන්වා දුන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය අනුව විශ්‍රාම ලැබූ සේවක සේවිකාවන්ට මුදල් චෙක්පත් පිරිනැමීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතන පරිශ්‍රයේදී ඊයේ (31) සිදු කෙරිණි.

රෂිකා හෙන්නායක