පාස්කු ප්‍රහාරය: නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩු විභාගය පෙබරවාරි මස 28 දා!

Date:

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය පෙබරවාරි මස 28 වනදා ආරම්භ කරන බවයි.

මෙම නඩුව අද (01) දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර විනිසුරු මඩුල්ල නියම කළේ නඩු විභාගය පෙබරවාරි මස 28 වනදා සිදුකරන ලෙසයි .

විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ නඩු විභාගය සඳහා අවශ්‍ය ලේඛන වේ නම් ඒවා නීතිපතිවරයා වෙතින් ලබාගන්නා ලෙසත්ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුෆර් මාමා, මොහොමඩ් සනස්දීන්, හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...