*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඉහළින් වැටෙන වෙට්ටු මැද ඔට්ටු වෙවී රගර් ඉදිරියටම

මෑත ඉතිහාසය ගත් විට ශ්‍රී ලංකා රගර ක්‍රීඩාවේ පරිපාලනයට පහසුවෙන් හුස්ම ගන්නට ඉඩ දුන් බවක් පෙනෙන්නට නැත.අමාත්‍යවරු පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළින් ද රගර් දියුණුවට වඩා වත්මන් පාලනය වෙනස් කිරීම වගකීමක් කරගෙන හැසිරෙන බවක් දකින්නට හැකි විය.මෑතකදී ලේකම් පුටුව අහිමි වූ අමල් හර්ෂ ද සිල්වා ද මේ මතයම කිව්වේය.


නමුත් රගර් වැනි ක්‍රීඩාවක ක්‍රීඩාව කරපු අය පුටුවල සිටිය නිසාද ඔවුන්ව පහසුවෙන් තල්ලු කරන්නට ඉඩ නොලැබිණ.ඔවුන් ඒ තෙරපුම දරා ගෙන නීතිය යොදා ගෙන ප්‍රති තෙරපුමක් නිර්මාණය කළේය.මෙය වැදගත් වන්නේ ජගත් ක්‍රීඩා නීතිය යටතේ මිස රටක දේශපාලනික උවමනාවන්ට නිලධාරිවාදයේ අවශ්‍යයතාවය මත ක්‍රීඩාව හැසිරවිය නොහැකි බවට ශ්‍රී ලංකා රගර් සමස්ත ක්‍රීඩා කේෂ්ත්‍රයට දුන් ආදර්ශය ය.LNW දිගින් දිගටම මේ දක්වා පැමිණි ප්‍රවාහයට එදිරිව උඩු ගං බලා යන්නට සැරසෙන රගර් සම්බන්ධයෙන් යහපත් තැනෙක සිට සිය මාධ්‍ය භාවිතාව කළේම ඔවුන් මේ රටේ සියල්ල දේශපාලන චරිත ඉදිරියේ ඔළුව දෙපරැන්දේ ඔබා ගැනිමට තරම් පහතට වැටෙන නමුත් ශ්‍රී ලංකා රගර් ඊට වඩා වෙනස් තැනෙක සිට සෘජුව සිට ගත් බැවිනි.


මේ ආකාරයට නීතිය විශ්වාසයට ගනිමින් ඒ අභියෝග සමඟ ගැටෙන ශ්‍රී ලංකා රගර් තවත් පියවරක් තබමින් මධ්‍යම පළාත් රගර් සංගමයට නිපොන් සමඟ තවත් ඉහළ සත්කාරයකට පාර තනන්නට ඊයේ (ජනවාරි 31) දා පියවර ගත්තේ රාමාඩා හෝටලයේදී ය.එහිදී අවුරුදු 16 න් පහළ රගර් තරගාවලියක් සංවිධානය කරන්නට තීරණය කර ඇති අතර ඒ සඳහා බස්නාහිර,ඌව,මධ්‍යම,දකුණ,උතුරු මැද,වයඹ සහ සබරගමු පළාත්වලින් කණ්ඩායම් සහභාගිවීමට නියමිතය.


මධ්‍යම පළාතෙන් , කිංග්ස්වුඩ් විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, ශ්‍රී රාහුල විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, සරසවි උයන MMV, නුගවෙල මධ්‍ය විද්‍යාලය, ශාන්ත තෝමස් – මාතලේ යන විද්‍යාලද,බස්නාහිර පළාත නියෝජනය කරමින් රාජකීය විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, S. තෝමස් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, D.S සේනානායක විද්‍යාලය, සහිරා විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, මහානාම විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය ද මේ තරගාවලියට එක් වෙති.
මධ්‍යම සහ බස්නාහිර පළාත්වලින් විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වුණ ද දකුණු පළාතෙන් කණ්ඩායම් දෙකක් (රිච්මන්ඩ් විද්‍යාලය, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය),සබරගමුවෙන් එකක් (කෑගල්ල මහා විද්‍යාලය),උතුරු මැද පළාතෙන් එකක් (අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය),ඌව පළාතෙන් දෙකක් (ශාන්ත තෝමස් විද්‍යාලය,ධර්මදූත විද්‍යාලය) සහ වයඹ පළාතෙන් මලියදේව විද්‍යාලය ද මේ තරගාවලියට එක් වෙති.


වෙනත් පළාත් කරා රගර් හී ව්‍යාප්තියේ දුර්වලකමක් මේ හරහා පෙනෙන්නට තිබෙන අතර එය ද නිවැරදි කරමින් හොඳ අඩිතාලමක් දැමීම ඉදිරියේදී අපේක්ෂා කරන බව LNW කරන ලද විමසීමකදී රිස්ලි ඉල්ලියාස් පෙන්වා දුන්නේය.
“අපේ කාලේ වසංගත නිසා වැඩ කරන්න බැරි වුණා.වැඩ කරන්න තිබුණ කාලෙ අලුතින් රගර් හදන්න ගත්තු තීරණවලදි හුඟක් බාධාවන් ආවා.වැඩ කරන්න දුන්නෙම නැහැ.උසාවි ගාණෙ යන්න වුණා.හැබැයි අපිට හිටියෙ වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් කියන එක මේ රටේ විශාල ව්‍යාපාරිකයො විශ්වාස කරා.ඒ නිසා අපිට මහා විශාල ගමණක් වෙනසක් ඇති කරමින් යන්න අවශ්‍යය අනුග්‍රහය ලැබුණා.ඉතිං අන්න ඒ විශ්වාසය තියාගෙන කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන පිරිසක් මේ පාලනයට එනවනම් වැඩ කරන්න මිනිස්සු ඉන්නවා කියන එක අපි රටේ හැම ක්‍රීඩාවකටම ආදර්ශයෙන් කියා දුන්නා.”
ඉදිරි වැඩ සැළසුම් කිරීම සහ ඒවා ජයගන්න තම සංගමයට හැකි බව පවසමින් ඉල්ලියාස් ඊට හේතු දැක් වූවා.එසේම මේ වසරේ අගෝස්තු 4 – 11 දක්වා ට්‍රිනිටෑඩ් හා ටුබැගෝ හී පැවත්වෙන යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට දක්ෂයන් සොයා ගැනීමට මෙම අවුරුදු 16 න් පහළ තරගාවලිය අවස්ථාවක් කර ගන්නා බව ද ඉල්ලියාස් පෙන්වා දුන්නා.


මෙම අවස්ථාවට නිපොන් පේන්ට් ප්‍රධාන අනුග්‍රාහකත්වයට අමතරව සිද්ධාලේප, ප්‍රීමා,ස්පොර්ට් ඇඩ්,ගජ ටීවී,වෙබ්ක්ස්පේ ද අනුග්‍රාහකයන් සේ මේ තරගාවලිය සමඟ එක්වී ඇත.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan