මින් වසර දෙකකට පෙර එනම් 2020.02.01 කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වීමත් සමග විවිධ රටවල් වූහාන් හි සිටින සිය රටවැසියන් රැගෙන ඒමට ගුවන් යානා පිටත් කළහ. එලෙස වූහන් වෙත ගොඩබැස්සවූ හතරවෙනි ගුවන් යානය පැමිණියේ ශ්‍රී ලංකාවෙනි. චීනයෙන් මතුවූ නව වෛරසයක් ලෙස කොරෝනා වෛරසය හැඳින්වූ අතර, වූහාන් ඇතුළු චීනයේ විවිධ ප්‍රදේශවල දිවිගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් ගැන බීබීසී සිංහල සේවයේ ලිපියක් ද පළ විය.”ගිය අවුරුද්දේ පෙබරවාරි මුල සතියේ ආයෙත් ලංකාවට එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියා.” එදා අපි හොඳටම බය වෙලා අත්වැසුම් දෙක ගානේ දාගෙන, මුළු ඇඟම වහගෙන තමයි ප්ලේන් එකේ ආවේ. ඒ එනකොට කෙනෙක් දිගටම කැස්සා. අපි තවත් බයේ හිටියේ.
නමුත් අපි ඇවිත් ටික කාලයකින් ලංකාවත් ලොක්ඩවුන් කළා.”මේ එදා….2020.02.01…………මැලේරියා‘ – ‘වසූරිය‘ – ‘එබෝලා‘ – ‘සාර්ස්‘ මේ වරින් වර ලෝකයේ ජනතාවට බිය ගැන්වූ වසංගත රෝග කිහිපයකි. ඒ වසංගත ලැයිස්තුවට පසුගියදා අලුතින් එක් වූයේ ‘කොරෝනා‘ වෛරසයයි. චීනයෙන් හටගත් මේ වෛරසය ලොවපුරා ආක්‍රමණය කරන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ලොවපුරා ජනතාව භීතියෙන් ඇළලී ගිය කොරෝනා මේ වන විට සංචාරක ක්ෂේත්රයට මෙන්ම රටවල බොහෝ ආර්ථිකයන් අඩපණ කරන්නට සමත්ව තිබේ.මෙහිදී චීනය හා ඍජු සම්බන්ධතා ඇති රටවලට එය මහත්ම වූ ගැටලුවක් විය. චීනයේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන්නට ගොස් සිටි අය මේ නිසා දැඩි අපහසුතාවකට පත් විය.චීනයේ වූහාන්හි ජීවත් වන අයට එම ප්‍රදේශයෙන් පිටවන්නට හෝ බාහිර ප්‍රදේශවල සිට වූහාන් ප්‍රදේශයට ඇතුළුවන්නට කිසිවකුට අවසර ලබා නොදෙන්නට චීන රජය ක්‍රියා කෙළේ කොරෝනා වෛරසය එම ප්‍රදේශයෙන් ආරම්භ වීම නිසා එය පැතිරයාම වැළැක්වීම පිණිසය.ඒ සමඟම අධ්‍යාපනය ලැබීම පිණිස චීනය බලා ගොස් සිටි සිසු සිසුවියන් රැසක්ම එහි කොටු වූහ. ශ්‍රී ලාංකික සිසු සිසුවියන් රැසක්ද ඒ අතර විය. චීන රජය විසින් වූහාන් ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සම්බන්ධයෙන් පනවන්නට යෙදුණු නීති රීති නිසා එහි සිටි සිසු සිසුවියන් පිරිස එයින් ඉවත් කර ගැනීම ගැටලුවක් බවට පත් විය. මේ නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ හා සාකච්ඡා කෙරිණි.
අවසානයේ මෙරටින් ගුවන් යානයක් පැමිණ එම සිසු පිරිස ගෙන යාමට අවසර ලැබුණි. ඒ අවසරයත් සමඟම වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය විශේෂ ගුවන් යානයක් වූහාන් දක්වා යොමු කරන ලදී. එක්තරා අතකින් මේ ගමන ඉතාම අවදානම්ය. ත්රස්තවාදීන් මරාගෙන මැරෙන්නට බලා සිටින ස්ථානයන්ට ත්‍රිවිධ හමුදාවෝ කුමන බාධක තිබුණද ගමන් කළහ. එහෙත් ගුවන් සමාගමක සේවක පිරිසක් දිනකට 60ක් 70ක් වෛරස ආසාචනයෙන් මරණයට පත්වන රටකට ගොස් එහි සිටින පිරිසක් රැගෙන ඒමට යාම එක්තරා අතකින් ‘මරුවා සමඟ වාසේ‘ හා සමානය.
එය ගුවන් සමාගම් නිලධාරින්ට ද ප්‍රශ්නයක් වනු නොඅනුමානය. එහෙත් ඒ ගුවන් ගමනට එක්වීමට මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් සමාගමේ සේවක සේවිකාවෝ රැසක් කැමැත්ත පළ කළහ. එය ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය පවා බලාපොරොත්තු නොවූ පිළිතුරක් වන්නට ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1423 දරණ යානය පසුගිය මස 31 වැනිදා චීනයේ වූහාන් බලා පිටත්ව ගිය අතර මේ මස 1 වැනිදා ඔවුහු චීනයේ වූහාන් සිට එම පිරිස ගුවන් මඟින් මත්තල දක්වා රැගෙන ආහ.එම කණ්ඩායමේ නායකයා වූයේ කපිතාන් රජින්ද රණතුංගය. ඔහුගේ මූලිකත්වයෙන් 16 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් මේ කාර්යය සඳහා සූදානම් කරන ලදී. ඒ 16 දෙනා අතර ගුවන් නියමුවන් දෙදෙනාද ඉංජිනේරු අංශයේ නිලධාරීන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයද විය. ඊට අමතරව වෛද්‍යවරියක්ද මේ කටයුතු සඳහා සහාය දැක්වූහ. සියලු පිරිස් පළමුව ගුවන් හමුදාවෙන් ලබා දුන් විශේෂිත ආරක්ෂක වැඩමුළුවකට යොමු කරන ලද අතර පසුව මේ කර්තව්‍යය සඳහා යොදවන ලදී. චීනය බලා ගිය විශේෂ ගුවන් යානයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් 16 දෙනකු ගමන් කළ අතර වෛද්‍යවරිය වන අනෝමා ජයසිංහ මහත්මිය එම කණ්ඩායම චීනය බලා යාමට කටයුතු සංවිධානය කළ අවස්ථාවේ සිට යළි පැමිණ සිසුන් කණ්ඩායම දියතලාවේ ස්ථාපිත කර පැමිණ මේ කාර්ය නිමවන තුරු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිටුපස සිටියාය.ගුවන් යානයේ ප්‍රධාන නියමු චමින්ද ද සොයිසා මහතා මෙසේ පැවසීය
“චීනයේ වූහාන් නුවර මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසු පිරිස ගැන අසන්නට ලැබුණු වේලාවේ සිට එහි විශේෂ ගුවන් යානයන් යැවීමේ අදහසක් රජයට තිබුණා. ඒ අවස්ථාවේ සිට ස්වේච්ඡාවෙන් එහි යාමට හා මේ කාර්යය ඉටු කරන්නට කැමැති කාර්ය මණ්ඩලය ගැන මම සොයන්න ගත්තා. පළමුවෙන්ම මම ඉදිරිපත් වුණා. ගුවන් යානය ගෙන යන්නට. ඒත් සමඟම සෙසු පිරිසත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා.ගුවන් හමුදාව විසින් අපට ප්‍රථමයෙන්ම විශේෂිත වැඩමුළුවක් පවත්වා මෙහිදී ආරක්ෂා විය යුතු ආකාරයන් දැනුවත් කළා. අපට එබෝලා වෛරසයට විරුද්ධව සටන් කළ ඇඳුම ලබා දුන්නා. ඒ විශේෂිත ඇඳුමින් සැරසුණු පසුව කිසිවකුව අඳුනා ගන්නට බැහැ. එම නිසා අප එක් එක් කෙනා සංකේත ඇඳුමේ සටහන් කර ගත්තා””
2022.02.01 මේ අද………….වසර දෙකක් ඉක්ම ගොසිනි . එදා වූහාන් වලට දරුවන් බේරා ගැනීමට හතර වන ස්ථානයට යානයක් යැවූ මගේ උතුම් මවුබිම අද සාර්ථක කොරෝනා මැඩලීමේ හතරවන ස්ථානයේ සිටී. දේශයේ පිනට උපන් ඒ අසහාය නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොසිටින්න අද මෙලෙස හරි උජාරුවට අපට මේවා සැමරීමට නොහැකි වන්නට ඉඩ තිබිණි . පුරා වසර දෙකක් කිසිදු පසුබට වීමකින් තොරව අද දවස දක්වා කොරෝනා සටනේ නියමුවා ලෙස නොසැලී කටයුතු කරන ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා , සෞඛ්‍යය අංශ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිහිකරන්නේ හදබැදි ස්තූති පූර්වක ලෙසිනි.
අවසානයේ මෙසේ ලියා තබමි කොරෝනා නොව ලොව තුළ මොන වෛරසය පැමිණියද ජනපති ගෝඨා සිටින තුරු ජනතාව බිය විය යුතු නැත. එතුමා මේ වසර දෙක තුළ අපව ආරක්ෂා කළ තරම් සමාන වන්නේ මිහිපිට ජීවමාන දෙවියන් ට පමණි. ඔව් ඒ ඔබ “”ගෝඨාභය රාජපක්ෂ”
රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article