*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල මහතා දැයෙන් සමුගනී!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): සන්ඩේ ඔබ්සර්වර් සහ ඩේලි ඔබ්සර්වර් පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී එච්.එල්.ඩී. මහින්දපාල මහතා (93) අභාවප්‍රාප්ත වී ඇත.

50 දශකයේ ප්‍රකට මධ්‍යවේදින් වන ක්ලැරන්ස් ප්‍රනාන්දු, ඩෙන්සිල් පීරිස් වැනි සමකාලීනයන් සමඟ මහින්දපාල මහතා කරටකර වැඩ කරමින් පුවත්පත් කලාව බැබළවූවෙකි.

70 දශකයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු මෙල්බර්න් නගරයේ සිට ඩේලි නිව්ස් පුවත්පතට විවිධ ලිපි සහ විශේෂාංග සැපයීය. එම ලිපිවල පළවූ අදහස් ඔස්ට්‍රේලියාවේ සහ වෙනත් රටවලද ශ්‍රී ලාංකික සම්බන්ධතා සම්බන්ධයෙන් වැදගත්කොට සැලකිණි. 1990 සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස පත්වූ එතුමන් තීරු ලිපි සහ කතුවැකි රචකයකු ලෙස විවිධ ලේඛන ශිල්පීය ක්‍රම මාධ්‍ය කලාවට හඳුන්වා දුන්නේය. ඔහු දේශපාලනය හා ඉතිහාසය පිළිබඳ මනා වැටහීමක් තිබුණු බහුශ්‍රැත පුද්ගලයකු විය. ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ ග්‍රන්ථ දහස් ගණනක් තිබිණ.

ඔබ්සර්වර් පුවත්පතින් සමුගත් ඔහු ඔස්ට්‍රේලියාවේ ටික කලක් වාසය කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන සම්මානයකින් ඔහු පුදනු ලැබීය. ඔහු ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කළ අතර ඔහු මෙරට වෙනුවෙන් නිර්භයව පෙනී සිටි ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.

ඒ මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිකුරාදා (02) සවස 4.00ට සිදු කෙරේ. දේහය අද (01) පෙරවරු 9.00 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවමංගල්‍ය පෙරහර හෙට (02) පස්වරු 3.30ට ජයරත්න මල් ශාලාවෙන් පිටත් වන සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan