*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

2024 වසරේ පළමු මස සංචාරක පැමිණීම ලක්ෂ 02 ඉක්මවයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): 2024 වසරේ ඊයෙන් අවසන් වූ ජනවාරි මාසය තුළ ද දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඒ අනුව ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බවයි.

ඉන් බහුතරය ඉන්දීය ජාතිකයින් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇති බව සඳහන්ය.

පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසය තුළ ද දිවයිනට සංචාරකයින් 210,000කට අධික සංඛ්‍යාවක් පැමිණියේය.

නෙළුම් කුලුන පරිපාලන අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසන්නේ, මාස 16ක් තුළ නෙළුම් කුළුන නැරඹීම සඳහා විදෙස් සංචාරකයින් 50,000කට අධික පිරිසක් පැමිණ ඇති බවයි.

ඊයේ (31) දිනයේ 50,000 වෙනි සංචාරකයා ලෙස බල්ගේරියානු ජාතික කාන්තාවක් කුලුන නැරඹීම සඳහා එක්ව ඇති අතර එහිදි ඇයට විශේෂ ත්‍යාගයක් ද පිරිනැමුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan