කොළඹ LNW:ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබෙන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (01) ජනතාව සිය ප්‍රතිචාරය දක්වා තිබේ.
92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 371ක් ලෙසය. මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 363කි.
ASK