ප්‍රධාන මාර්ග අවහිර ප්‍රංශ ගොවීන් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ගොවීන් පැරීසියට ඇතුළු වන ප්‍රධාන මාර්ග අවහිර කිරීමෙන් පසු බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට මාධ්‍ය පවසයි.

ගොවීන් සඳහන් කර තිබුණේ, සුපිරි වෙළඳසැල් වෙත ආහාර බෙදා හැරීම නතර කිරීම තම අරමුණ බවයි.

ඒ අනුව මිලියන 12 ක ජනතාවක් පෝෂණය කරන ආහාර බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයක් වන Rungis හි වෙළඳපොළ කඩාකප්පල් වීම පිළිබඳව ප්‍රංශ රජය අනතුරු අඟවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එරට පොලිසිය පවසන්නේ, වෙළෙඳපොළට පැමිණි ගොවීන් 91 දෙනෙකු පමණ අත්අඩංගුවේ පසුවන බවයි.

අගනුවරේ දකුණු කෙළවරේ පිහිටා ඇති Rungis වෙළඳපොළ සෑම දිනකම පරිභෝජනය කරන නැවුම් මාළු, පළතුරු, මස් සහ එළවළු බොහොමයක් සපයනු ලබන අතර එය ලෝකයේ එවැනි ආකාරයේ පවතින දෙවන විශාලතම වෙළඳපොළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විරෝධතාකරුවන් වෙළඳපොලේ ගබඩා ප්‍රදේශයට ඇතුළු වී ආරක්ෂක අංශ විසින් ඔවුන් පිටතට ගෙන යාමට පෙර අලාභහානි සිදු කර ඇති බවද වාර්තා වී ඇත,

මීට පෙරද මාර්ග අවහිර කිරීමට උත්සාහ කළ පුද්ගලයන් 18 දෙනෙකු රථවාහන ගමනාගමනයට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජර්මනිය, පෝලන්තය, රුමේනියාව, බෙල්ජියම සහ ඉතාලිය හරහා දස දහස් ගණනක් ගොවීන් ද පෙලපාලි පවත්වමින් සිටින බවද සඳහන් වේ

ප්‍රංශයේ ප්‍රධාන කෘෂිකාර්මික සංගමය වන FNSEA හි ප්‍රධානී Arnaud Rousseau පැවසුවේ ගොවීන් අතර විශාල අපේක්ෂාවන් පවතින නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල වහාම ඉටු කළ නොහැකි බවයි.

මේ විරෝධතා ආරම්භ කෙරුණේ, ආදායම් පහත වැටීම සහ ආනයන තරඟකාරීත්වයට එරෙහිව අඛණ්ඩ විරෝධතාවල කොටසක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...