දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අද (01) සිට, දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන ගාස්තුව ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පාර්සල් හා බඩු ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම පාර්සල් ප්‍රවාහන කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය , ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා 0 සිට රුපියල් 1000 දක්වා වටිනාකම් ප්‍රතිශතයක් දක්වා නැත.

රුපියල් 1000 සිට 5000 දක්වා වටිනාකම් ප්‍රතිශතය 1.5% ක් වන අතර රුපියල් 5000 සිට 10,000. දක්වා වටිනාකම් ප්‍රතිශතය 2.25%ක් වේ.

මීට අමතරව පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 සිට 20,000 දක්වා වටිනාකම් ප්‍රතිශතය 3% ක් අය කෙරෙන අතර රුපියල් 20,000 ට වැඩි පාර්සල් වෙනුවෙන් 4.5 % ක ප්‍රතිශතය දක්වා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට අයත් නොවන වටිනාකම රුපියල් 10000ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් 0.5 % ක ප්‍රතිශතයක් අය කෙරෙන බවඳ දන්වා සිටී,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...