*
Sunday, November 17, 2024
spot_img

Latest Posts

ඉන්දියාවේ සහ ලංකාවේ දුර පෙන්නූ ඉන්දීය ජාතික ඇවිදීමේ තරගාවලිය

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 01 කොළඹ (LNW): ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියට ඉන්දීය ක්‍රීඩාව ගමන් කරමින් තිබෙන්නේ ලෝකයෙ බලවතුන් වීමේ සටනේ තරගකාරයෙක් බවට පත්ව සිටින ඉන්දියාව ඊට අදාළ අනන්‍යතාවය සාක්ෂාත් කරගන්නට භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම ක්‍රීඩාව වන බැවින්ය.එය කියවා ගත හැකි තවත් පියවරක් මෙවර 11 වන ඉන්දිය ජාතික ඇවිදීමේ තරගාවලියේදී දැක ගන්නට ලැබිණ.

කාන්තා සහ පිරිමි ලෙස කිලෝ මීටර් 35,20 සහ 10 ලෙස ක්‍රියාත්මක වූ ඉසව් අතරින් දෙකකට ශ්‍රී ලංකාවේ නියෝජනයන් ද දකින්නට ලැබීම සතුටට කරුණකි.බොහෝ විට ශ්‍රී ලංකාවේ දියුණු නොවන ඉසව් ගණයට වැටෙන ඉසව් හඳුන්වන තවත් නමක් හැටියට දියුණු නොකරන ඉසව් හැඳින්විය හැකි අතර ඇවිදීම ද එසේ අවධානය යොමු නොකරන ඉසව්වකි.ශ්‍රී ලංකාවේ එච්එම්එස්ආර් හේරත් සහභාගි වූ තාලෝ මීටර් 20 ඇවිදීමේ තරගයේදී ඔහු තරගය නිමා කළ අය ගණනය කිරීමේදි වාර්තා කර තිබුණ කාලය හැටියට දැක් වුණ පැය 01:36:34 තිබුණේ තිස්තුන්වන තැනටය.තරගය නිමා කළ අය අතර ඔහුට පහළින් සිටියේ ඉන්දීය තරගකරුවන් තිදෙනෙක් පමණි.

කාන්තා තරගය නිමා කළ ක්‍රීඩිකාවන් 14 දෙනා අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කළ 14 වැන්නා වූවාය.ඇය වාර්තා කළ කාලය විනාඩි 1:50:14 කි.හේරත් සහ කල්හාරි සහභාගි වූ ඉසව් දෙකේදී ම නව ඉන්දීය වාර්තා බිහීවීම කැපී පෙණින.කාන්තා තරගයේ වාර්තාකාරිය වූයේ මංජු රාණි ය.ඇය ඉසව්ව පැය 1:33:00 න් නිමා කළාය.

පිරිමි තරගය ජයගත්තේ අක්ශදීප් සිං ය.ඔහු වාර්තා කළ කාලය පැය 1:19:38 කි.ඔහු මෙන්ම දෙවන සහ තෙවන තැන් ගත් සුරාජ් පන්වාර් සහ සර්වින් සෙබස්තියන් ද මෙහිදී ඔලිම්පික් පරිසාධනය ඉක්මවා ඇවිද තීබීමෙන් තරගයේ තිබුණ තරගකාරීත්වය හඳුනාගන්නට අපහසු නැත.දැන් මේ තරගයේ ස්ථානවලින් තීරණය කර “වැඩක් නැහැ” යන තත්ත්වයෙන් ඇවිදීම සැළඛීම බලධාරීන්ගේ වගකීමනම් ශ්‍රී ලංකාවේ ඇවිදීම පහත වැටීම පමණක් අපේක්ෂා කළ හැකිය.ඉන්දියාව ජාතික ඇවිදීමේ තරගාවලියක් පැවත්වීමෙන් ඉසව්වේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කර ඇත යන්න තේරුම් ගැනීම පවතින දක්ෂතාවලින් “වැඩක් නැහැ” කියන ස්වරූපය ඉවත් කර ගැනීමට හොද පිළියමක් වනු ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය මෙම ඉන්දීය ජාතික ඇවිදීමේ සූරතාවලියේ ප්‍රතිපල සඳහා ඉඩක් වෙන් කර තිබෙන අතර පහත සබදතාවය හරහා ප්‍රතිපලවලට පිවිසිය හැකිය.
https://worldathletics.org/competition/calendar-results/results/7206112?eventId=10229508&gender=M

ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දීය ජාතික වාර්තා තැබූ අක්ශදීප් සිං සහ මංජු රාණි ය.සෙසු ඡායාරූපවල ශ්‍රී ලංකාව නියෝජනය කළ හේරත් සහ ක්ලහාරී වෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan