කල් ඉකුත් වූ කහ ටොන් 78 කට මුද්‍රා තැබේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අද (01) දින විදේශ රටකට අපනයනය කිරීම සඳහා කහ ආශ්‍රිත රූපලාවන්‍ය දියරයක් නිෂ්පාදනය කිරීමට ගෙනවිත් කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තුළ ගබඩා කර තිබූ වසරකට පමණ පෙර කල් ඉකුත් වූ බව පැවසෙන කහ ටොන් හැත්තෑ අටකට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අදාළ මුද්‍රා තැබූ කහ තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව පැවසේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරිය හා එක්ව මෙම වැටලීම සිදු කර ඇත. කොරෝනා සමයේදී මෙරටට ආනයනය කොට විධිමත් ලෙස නිදහස් නොකිරීම නිසා කල් ඉකුත්ව රේගුවේ අපහරණ අංශය භාරයේ තිබූ කහ බහාලුම් 16 කොටසක් නිදහස් කර දෙන ලෙසට පන්නිපිටිය අතුරුගිරිය පාර රුක්මල්ගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් ඉල්ලීමක් කර තිබු බවද සඳහන් වේ.

ඒ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ කහ තොගය තෙල් නිස්සාරණය කිරීම සඳහා නිදහස් කිරීමට අවසර ලබාදී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...

ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක වැඩ සැලසුම් කිරීමට පියවර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ටොරින්ටන් මාවතේ නිවාස...

දේශීය නිශ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දේශීය නිශ්පාදන කර්මාන්ත...

2025 වසරේ අපනයන ආදායම පිළිබඳ සෑහීමකට පත්වේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : මෙම වසරේ අපනයන...