*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

ගම්පහ සමූපකාර ඡන්දයේ නාමයෝජනා ගද්දී මාලිමාවෙන් අශෝභන මෙහෙයුමක් – වරුණගෙන් හෙළිදරව්වක්

ගම්පහ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (පෙබරවාරි 02) පෙරවරුවේ සිදුකෙරුණු අතර ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගයේ සාමාජිකයින් යක්කල, ගම්පහ, ගනේමුල්ල ඇතුළු ස්ථාන කිහිපයකදී අනෙක් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට නාමයෝජනා භාරදීමට නොහැකි වන අයුරින් බාධාකාරී තත්වයක් නිර්මාණය කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

ස්ථාන කිහිපයකදී නාමයෝජනා පත්‍ර උදුරාගෙන යාමේ සිදුවීම් ද වාර්තා වී ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ සමගි ජන බලවේගයේ සංවිධායක වරුණ රාජපක්ෂ තබා ඇති සටහන පහතින් දැක්වේ.


ගම්පහ සමූපකාර නාම යෝජනා වලට මාලිමාව මොකද කලේ කියල සමහරු මගෙන් අහල කමෙන්ට් කරල තිබුන.

සමූපකාර චන්ද වලට පක්ෂ ලෙස ඉදිරිපත් වීම නුසුදුසුයි යන්න මගේ පුද්ගලික මතය නිසා මා මේ සමූපකාර චන්දයට සම්භන්ද වුනේ නෑ.

එහෙත් සජබ ,එජාප, ශ්‍රිලනිප සහ පැරණි ජවිපෙ සාමජිකයන් කීපදෙනෙක් මා අමතා ඔවුන් සමූපකාර චන්දයට ස්වාධීනව ඉදිරිපත් වන බව පවසා සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

සමූපකාර චන්දය පිලිබද මගේ ස්ථාවරය පැහැදිලි කල මම ඔවුන්ට කිසියම් බලපෑමක් හෝ වෙනත් කරදරයක් සිදුවුවහොත් දැනුම් දෙන ලෙස පැවසුව

උදේ පලවෙනි සිදුවීම වාර්තා උනේ ඇබරලුවෙන්.

සජබ පාක්ෂිකයෙක් සහ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන සේනානායක මහතාගෙන් මුහුණු වසාගත් යතුරුපැදිකරුවන් දෙදෙනෙක් නාමයෝජනා පත්‍ර උදුරාගෙන ගොස් තිබුන

තවත් ස්ථාන දෙකක එවන් පැහැර ගැනීම් සිදුවී ඇත, උදේ නවයට පමන මම කාර්යාලයට යනවිට යක්කල ග්‍රාමීය බැංකුව ඉදිරිපිට දෙසීයක පමණ මාලිමා පාක්ෂිකයන් පිරිසක් සමූපකාර පරිශ්‍රය ආවරණය කරමින් උද්ඝෝෂණයක නියැලී සිටිය.

ඒ පිලිබද මා සමූපකාර කොමසාරිස්ගේ කාර්යාලයට කතා කලවිට පිලිතුරු දුන් නිලධාරියා පැවසුවේ

” වැඩක් නෑ වරුණ මහත්තය , සේරම නාම යෝජනා භාර ගන්න දාල තියෙන්නෙ ජේවීපී එකේ නිලධාරි තොරලා , එයාලගෙ නොමිනේෂන් එකක්වත් රිජෙක්ට් කරන්න එපා කියල තියෙන්නෙ “

සිදුවෙමුන් ඇතිදේ පැහැදිලි නිසා මම ගම්පහින් චන්දෙ ඉල්ලන බව කලින් පවසා තිබුනු පැරණි ජවිපෙ සාමාජිකයෙකුට කතා කර ඔතන මුකුත් ප්‍රශ්නයක් තියනවද විමසූවිට
” සීයක් විතර ඉන්නව , පිටින් ආපු උන් ගොඩක් ඉන්නව , ජාඇල මන්ත්‍රී කෙනෙකුත් ඉන්නව , මම තනියම ඉන්නෙ , පොඩි චන්ඩිපාර්ට් දානව , මට නම් අවුලක් නෑ , දන්නවනෙ , අනිත් තැන් කොහොමද දන්නෙ නෑ “

ඉහලගම චාමරගෙන් ” ඔතන මොකද ?” විමසූ විට
” පිටින් ඇවිත් ටීම් එකක් දගලනව , මම කිව්ව මේ මගේ ගම , පාඩුවෙ ඉන්න කියල “

දකුණු ගලහිටියාවෙ නාම යෝජනා බාරදීමට ගිය පොදුජන පෙරමුනේ කාන්ති අක්කට , එම ස්තානයේ සිටි නිලධාරිනිය දැන් එක කට්ටියකගෙ නාම යෝජනා බාර ගනිමින් ඉන්නෙ දහය කිට්ටු වෙලා එන්න යයි පවසා දහයට පහක් පමන වන තෙක් රස්තියාදු කර දැන් කාලය අවසන් යැයි පවසා නාම යෝජනා භාර ගෙන නෑ.

දේසීයක් පමන උද්ඝෝෂණය කල යක්කල ග්‍රාමීය බැංකුව අසල ස්තානයේ.
යක්කල, පැපොල්ගස්දෙනිය, චන්දනගම යන ප්‍රාදේශික තුනේම නාම යෝජනා භාරගන්නා තැන් වන අතර , එහි මහා සභා නියෝජිත එකතුව 10ක්

ඔවුන් මෙසේ උදුරාගෙන හෝ භාදාකර වලක්වා ඇත්තේ වැඩිම මහාසභා නියෝජනයක් එන තැන් තෝරාගෙන සැලසුම් සහගතවය.

සමූපකාරය වැනි සාමාජික චන්දයෙන් මහාසභාවක් පත්වන ආයතනයකට වත් එහි ස්වාධීනත්වය සහ සාමාජික අයිතිය ආරක්ෂා කරගැනීමට ඉඩනොදේනම් ඉදිරියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද ඔබට වටහා ගත හැක .

මේ එම අශෝභන මෙහෙයුමට ජාඇලින් පුරිස රැගෙනවිත් සිටි ජවිපෙ මන්ත්‍රීවරයා ගම්පහ නගරයේ සමූපකාරයේ පිවිසුම අසල සිටින අවස්තාවේ ගත් චායා රූපයක්.

~ වරුණ රාජපක්ෂ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan