13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි ! – හරිනි

Date:

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය යන්න ජාතික ජන බලවේගයේ මතය බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“දි අයිලන්ඩ්” පුවත්පත සමග අදහස් දක්වමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් ඉදිරිපත් කෙරුණු නිසාත් දැනටමත් එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කොටසක් වශයෙන් පවතින නිසාත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය යන්න තම පක්ෂයේ මතය බවයි ඒ මහත්මිය සඳහන් කරන්නේ. කෙසේවෙතත් 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළත් ජාතික ගැටලුව එයින් විසඳේද යන්න සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ විවාදයක් පවතින බවත් ඒ මහත්මිය ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...