*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

විදේශ විනිමය අර්බුදයට ‘නිල්මැණිකෙන්’ විසඳුමක්!

දේශීය නිල්මැණික් අලෙවිය ප්‍රවර්ධනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දිවයිනේ ප්‍රධාන විදේශ විනිමය ඉපයීමේ අංශයක් බවට පත්කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බවට වාර්තා වේ.

ඒ අනුව, මෙම වසර තුළ ඩොලර් බිලියනයක ඉලක්කයක් සපුරාලමින් නිල්මැණික් අලෙවිය දිවයිනේ ප්‍රධාන විදේශ විනිමය උපයන අංශයක් බවට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) පවසයි.

මෙම සැලැස්ම, නිල්මැණික් සඳහා ලෝක වෙළඳපොලේ ඇති ඉල්ලුම ඉහළ නංවාලීමට මෙන්ම සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට ද ඉවහල් වන බවයි පැවසෙන්නේ.

මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ස්වර්ණාභරණ අංශයේ උප සභාපති අක්‍රම් කසිම් මහතා පැවසුවේෙ ස්වර්ණාභරණ කර්මාන්තය දිවයිනේ විශාලතම විදේශ විනිමය උපයන අංශයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බවයි.

ශ්‍රී ලාංකේය නිල්මැණික් වල සුවිශේෂත්වය, එහි ඉතිහාසය, විශ්මිත විවිධත්වය හා වර්ණයන්ගේ ඇති අසමසම බව ඉස්මතු කරමින් ලෝක වෙළඳපොල තුළ අද්විතීය ‘ශ්‍රී ලංකා නිල්මැණික් අත්දැකීමක්’ නිර්මාණය කිරීමේ හැකියාව කෙරේ අවධානය යොමුකිරීමට මෙම වසරේ කටයුතු කරන බව කසිම් මහතා පැවසීය.

දිවයිනට පැමිණෙන සෑම සංචාරකයකුටම වැඩි වටිනාකමක් එක්කරමින්, රැකියා උත්පාදනය ඉහළ නැංවීම සඳහා ද මෙමඟින් ඉඩප්‍රස්තාව ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ.

මෙරට ස්වර්ණාභරණ කර්මාන්තයට බොහෝ අංශ වලින් තරඟකාරී බවක් ඇති බවත්, ඒ ශ්‍රී ලංකාව යනු හුදෙක් මැණික් සඳහා වූ මූලාශ්‍රයක් නිසා පමණක් ම නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නිශ්පාදන ක්‍රියාවලිය වසර ගණනාවක් පුරා විශාල ප්‍රගතියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකාව උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ සඳහා තරඟගාරී සැපයුම්කරුවකු ලෙස හඳුනා ගෙන ඇත.

විශේෂයෙන් ම ‘සිලෝන් සැෆයර්’ සන්නාමය හරහා වෙනත් කිසිඳු රටකට ලබා දිය නොහැකි සුවිශේෂී ස්ථානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සමත්ව ඇත. ශ්‍රී ලංකාව යනු නිල්මැණික් වල නිවහනයි.

ඒ අනුව, මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ස්වර්ණාභරණ අංශය, ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සමඟ නිල්මැණික් සහ නිල්මැණික් ඔබ්බවන ලද ස්වර්ණාභරණ සඳහා ප්‍රමුඛ වූ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට සූදානම් බව කසිම් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වසර දහයක වර්ධනයක් මෙමඟින් සැලසුම් කර ගැනීම ද අවශ්‍යතාවයක් බව ඔහු අවධාරණය කළේය.

මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් මෙම වසර ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන්නේ, මැණික් හා ස්වර්ණාභරණ යන දෙකම විවිධ නව්‍ය සහ නවමු අත්දැකීම් ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙන උත්කර්ෂවත් ස්වර්ණාභරණ දිනදර්ශනයක් එළි දැක්වීම මඟිනි.

මෙම සැලැස්ම මඟින් තරුණ නිර්මාණ කුසලතා ස්වර්ණාභරණ කර්මාන්තයට දායක වීම දිරිමත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. මේ සඳහා ස්වර්ණාභරණ නිර්මාණ උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ තුළින් ස්වර්ණාභරණ වෙළඳාම සඳහා ආකර්ෂණීය තේමාවන් ඇතුළත් නිර්මාණ සහ කලා පාසල්වල විවිධ කුසලතා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

මීට අමතරව, ස්වර්ණාභරණ බැඳි පුන්‍ය කටයුතු හරහා විවිධ වූ සේවාවන් ලබා දීමට ද සැලසුම් යොදා ඇති අතර, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වර්ණාභරණ මිලදී ගැනීමේ මාර්ගගත පහසුකම් වැඩිදියුණු කිරීම ද අපේක්ෂා කරයි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan